Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

24th July 2024 09:12:15 Hours

කර්නල් සේනාවිධායක, 4(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත පැමිණේ

යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 15 වන කර්නල් සේනාවිධායක ලෙස පානදුර 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත සිය පළමු සංචාරය 2024 ජූලි 23 දින සිදු කරන ලදී.

අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ජීඒ බන්දුල යූඑස්පී එල්එස්සී ඉසේබ විසින් කර්නල් සේනාවිධායක පිළිගැනීමෙන් අනතුරුව ඇතුල්වීමේ දොරටුව අසලදී කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

වැඩසටහනට සමගාමීව, ඒකකයේ වත්මන් මෙහෙයුම් සහ පරිපාලන කැපවීම පිළිබඳ අණදෙන නිලධාරි ගේ දැනුවත් කිරීම සඳහා කර්නල් සේනාවිධායක අණදෙන නිලධාරීගේ කාර්යාලය වෙත පැමිණියේය. අනතුරුව ඔහුගේ පැමිණීම සනිටුහන් කරමින් අඹ පැළයක් ද රෝපණය කෙරිණි.

පසුව කර්නල් සේනාවිධායක විසින් ඒකකයෙහි භට පිරිස් අමතා තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් සියලු නිලයන් සමඟ පිළිසඳරක යෙදිණි. ඉන් අනතුරුව, සෙබළුන්ට පවතින සුබසාධන පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කඳවුරු පරිශ්‍රය පරීක්ෂා කිරීමක් සිදු කරන ලදී.

ඔහුගේ සංචාරය සහ රෙජිමේන්තු ඉතිහාසය තහවුරු කරන සම්ප්‍රදායක් වන අමුත්තන්ගේ පොතට අත්සන් කිරීමෙන් ඔහු සිය සංචාරය අවසන් කළේය. මෙම වැදගත් සිදුවීම රෙජිමේන්තුවේ වෘත්තීයභාවය, කැපවීම සහ ශ්‍රී ලංකා හමුදාව තුළ ඇති වැදගත් කාර්යභාරය ඉස්මතු කරමින් ඒකකය තුළ ඇති බැඳීම් තවදුරටත් ශක්තිමත් කළේය.

ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූඑස්පී ද මෙදින වැඩසටහනට සහභාගී විය.