18th October 2025 15:25:11 Hours
‘ලෝක ළමා දිනය’ සැමරීම සඳහා ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාව 2025 ඔක්තෝබර් 11 වන සෙනසුරාදා මහරගම සුචරිතෝදය ළමා නිවාසයට සානුකම්පිත සංචාරයක් සංවිධානය කළේය.
ඉසේබ සේවා වනිතා ශාඛාවේ සභාපතිණි අනුපමා රත්නායක මැතිණියගේ සංකල්පය සහ මඟ පෙන්වීම යටතේ මෙම මුලපිරීම සිදු කරන ලද අතර, ළමා නිවසේ දරුවන් සහ වැඩිහිටියන් සමඟ ආදරය, සතුට සහ සහයෝගය බෙදා ගැනීමේ අරමුණින් මෙය සංවිධානය කෙරිණි.
මෙම වැඩසටහනට උදෑසන තේ, දිවා ආහාරය, විනෝද ක්‍රීඩා සහ තරුණ සහභාගිවන්නන්ගේ මුහුණුවලට සිනහවක් ගෙන දුන් විනෝදාස්වාද රාශියක් ඇතුළත් විය. දරුවන්ට තෑගි ප්‍රදානය කරන ලද අතර, ළමා නිවාසයේ දෛනික අවශ්‍යතා සපුරාලීම සඳහා වියළි සලාක නිවසට පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාවට ළමුන්, වැඩිහිටියන් සහ ආබාධ සහිත පුද්ගලයින් ඇතුළු 100 කට ආසන්න පිරිසක් සහභාගී විය.
ඉසේබ සේවා වනිතා ශාඛාවෙහි සභාපතිණි අනුපමා රත්නායක මැතිණිය මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඉසේබ සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනි අරුණි චන්ද්‍රසේකර මැතිණිය, ධනංජනි හෙට්ටිආරච්චි මැතිණිය, ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, සාමාජිකයින් සහ බලකායේ නිලධාරීන් සහභාගී විය.