04th November 2025 12:17:11 Hours
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව, සුව කළ නොහැකි ජානමය රෝගයකින් පෙළෙන 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ඉසෙ ජීවන් කුමාර ඩීජීඑම් ගේ බිළිඳාට උපකාර කරන ලදී.
දයානුකම්පිත ඉරියව්වකින්, ළදරුවාගේ රැකවරණය සඳහා සනීපාරක්ෂක තුවා සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී. අවශ්‍යතා ඇති හමුදා සාමාජිකයින්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා ශාඛාවේ කැපවීම පිළිබිඹු කරමින් ඉසේබ සේවා වනිතා ශාඛාවේ සභාපතිණි අනුපමා රත්නායක මැතිණිය විසින් මෙම මුලපිරීම සිදු කරන ලදී.
මෙම පරිත්‍යාග වැඩසටහන 2025 ඔක්තෝබර් 29 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගරු සභාපතිණි අනුපමා රත්නායක මැතිණියගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
මෙම කරුණාවන්ත ක්‍රියාව මගින් ඉසේබ සේවා වනිතා ශාඛාව බලකාය තුළ සුභසාධනය සහ ප්‍රජා සහයෝගය සඳහා දක්වන අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි.