09th December 2024 17:34:01 Hours
ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක සහ ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් කේ ඒ එන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී ඉංජිනේරු සේවා වෘත්තීය පාසල වෙත සිය මංගල සංචාරය 2024 දෙසැම්බර් 7 වන සෙනසුරාදා දින සිදු කරන ලදී. ඇතුල්වීමේදී ඔහුව ඉසේවෘපා හි සේනාවිධායක, ලුතිනන් කර්නල් එස් ඩී එන් සූරියප්පෙරුම යූඑස්පී එල්එස්සී ඉසේබ විසින් පිළිගන්නා ලදී.
පසුව, පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කර්නල් සේනාවිධායක වෙත සවිස්තරාත්මකව දැනුවත් කිරීම සඳහා අණදෙන නිලධාරීන්ගේ කාර්යාලය වෙත කැටුව යන ලදී. එකමුතුකම වර්ධනය කරමින් සහ අරමුණු බෙදා ගනිමින් නිලධාරීන්ගේ සමූහ ඡායාරූපයක් ද චාරිකාව සිහිකරමින් ලබාගන්නා ලදී.
ඉන්පසු, කර්නල් සේනාවිධායක විසින් පාරිසරික වගකීම සහ අනාගත සාර්ථකත්වය සඳහා වූ කැපවීම සංකේතවත් කරමින් අඹ පැළයක් රෝපණය කළ අතර, අනතුරුව ඉසේවෘපාහි භට පිරිස් ඇමතමින් බළකායේ යහපැවැත්ම සඳහා ඔවුන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය පැසසුමට ලක් කරන ලදී.
එහිදී ඔහු ඉසේවෘපා හි පහසුකම් පරීක්ෂා කිරීමෙන් පසුව, පාසලේ හැකියාවන් පිළිබඳ ප්‍රථමයෙන් දැනුම ලබා ගත්තේය. අනතුරුව කර්නල් සේනාවිධායකවරයා නිලධාරීන්ගේ නිවස්නයේදී දිවා ආහාරය සඳහා නිලධාරීන් සමඟ සහභාගී විය.
ඔහුගේ සංචාරයේ සම්ප්රදායක් ලෙස, අමුත්තන්ගේ පොතට අත්සන් කිරීමෙන් සිය සංචාරය අවසන් කළේය.
ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් වයි කේ එස් රංගික පීඑස්සී පීටීඑස්සී, ඉසේබහි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන් ඩබ්ලිව පී එස් එම් පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම සංචාරයට එක් වූහ.