09th December 2024 17:06:59 Hours
ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක සහ ජමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම්න අධ්යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් කේ ඒ එන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී 15(ස්වේ) ඉසේරෙ හි සංචාරයක නිරත විය. 2024 දෙසැම්බර් 07 වන දින බුල්නෑව 15(ස්වේ) ඉසේරෙ හි අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් එස් බී ටී පී ද සිල්වා ඉසේබ විසින් කර්නල් සේනාවිධායක වෙත පැමිණීමේදී උණුසුම් පිළිගැනීමක් පිරිනැමූ අතර, අනතුරුව රෙජිමේන්තුවේ විනය විදහා දක්වන ‘ඩ්‍රයිව් පාස්‘සමඟින් ආචාරය පුද කරන ලදී.
න්‍යාය පත්‍රයට අනුකූලව, අණදෙන නිළධාරියා විසින් කර්නල් සේනාවිධායක වෙත එම ඒකකයේ කර්තව්‍යයන්, වගකීම් සහ මෑතකාලීන ජයග්‍රහණ පිළිබඳව දැනුවත් කරන ලද අතර, හමුදාවට සහ සිවිල් ප්‍රජාවට සහය දැක්වීමේදී එහි වැදගත් කාර්යභාරය ඉස්මතු කළේය.
ඉන්පසු කර්නල් සේනාවිධායක විසින් එම සංචාරය සැමරීම සඳහා ඒකකයේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, පාරිසරික වගකීම සහ අනාගත සාර්ථකත්වය සඳහා රෙජිමේන්තුවේ කැපවීම සංකේතවත් කරමින් පැළයක් රෝපණය කරන ලදී.
කර්නල් සේනාවිධායක විසින් භට පිරිස් අමතමින්, ඔවුන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය පැසසුමට ලක් කළ අතර, සෙබළුන්ගේ හමුදාමය සහ පුද්ගලික විනය සහ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට, ඒකකයට සහ මුළු යුද හමුදාවට ඇති කරන බලපෑම පිළිබඳව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ඉන්පසු කර්නල් සේනාවිධායක ඒකකය විසින් සංවිධානය කරන ලද තේ පානයට සියලු නිලයන් සමඟ සහභාගී විය.
කර්නල් සේනාවිධායක විසින් කඳවුරු පරිශ්‍රය පරීක්ෂා කළ අතර, සෙබළුන්ට පවතින සුබසාධන පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ප්රගතිශීලී දියුණුව සඳහා මගපෙන්වීම් ලබා දෙන ලදී.
රෙජිමේන්තු ඉතිහාසය ශක්තිමත් කරන සම්ප්රදායක් ලෙස ඔහු පිටත්ව යාමට පෙර, ඔහු අමුත්තන්ගේ පොතෙහි ඔහුගේ පැසසුම් ලිවීය, මෙම වැදගත් සිදුවීම රෙජිමේන්තුවේ වෘත්තීයභාවය, කැපවීම සහ ශ්‍රී ලංකා හමුදාව තුළ ඇති වැදගත් කාර්යභාරය ඉස්මතු කරමින් ඒකකය තුළ ඇති බැඳීම් තවදුරටත් ශක්තිමත් කළේය.
ඉසේබ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන් ඩබ් පී එස් එම් පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට එක්විය.