Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

11th January 2024 13:46:40 Hours

ඉංජිනේරු සේවා බළකාය සිය 74 වැනි සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සමරයි

ඉංජිනේරු සේවා බලකායේ 74 වැනි සංවත්සරය ජනවාරි 10 වැනි බදාදා දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි පිහිටි ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්ය ස්ථානයේදී සමරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක සහ ශ්රීබ ලංකා යුද්ධ හමුදාවේ අධ්යඅක්ෂ ජෙනරල් මූල්යට කළමනාකරණ මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ප්රාධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

ඉංජිනේරු සේවා බලකා මධ්යරස්ථාන සේනාවිධායක කර්නල් කේඑල් මුණසිංහ යූඑස්පී විසින් මේජර් ජෙනරල් ලංකා අමරපාල උණුසුම් ලෙස පිළිගත් අතර, ඔහුට මුර සංචාරයක් ද පිරිනමන ලදී. මියගිය රණවිරුවන් වෙත උපහාර පුදකිරීමෙන් අනතුරුව, ඉංජිනේරු සේවා බළකායේ භට පිරිස් විසින් පිරිනමන ලද සිත් ඇදගන්නාසුළු ගෞරව සම්මාන මුරයක් ද කර්නල් සේනාවිධායක වෙත පිරිණමන ලදී.

ඉසේබ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයක් ද, 74 වසරක ඉතිහාසය සිහිපත් කිරීම සඳහා අඹ පැළයක් සිටුවීමේ සංකේතාත්මක ක්රිකයාවකින් ද දිනයේ සිදුවීම් අඛණ්ඩව සිදු විය. පසුව, කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලංකා අමරපාල, නිලධාරී නිවස්නයේදී තේ පානය සඳහා එක් වූ අතර, එහිදී නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසා දෙන ලදී.

එදින තවත් එක් අංගයක් ලෙස කර්නල් සේනාවිධායක විසින් ජ්යෙපෂ්ඨ නිලධාරීන්ගේ සිට කණිෂ්ඨතම ඉංජිනේරු සෙබලා දක්වා සියලුම නිලයන් ඇමතීම සිදුකරන ලදී. ඉංජිනේරු සේවා බලකායේ ප්රරමිතීන් නංවාලීම සඳහා නිලධාරීන්ගේ සහ සොල්දාදුවන්ගේ ඓතිහාසික හා වර්තමාන දායකත්වය ඔහු අවධාරණය කළේය. මේජර් ජෙනරල් ලංකා අමරපාල නිලධාරීන් සහ රෙජිමේන්තුකරණයේ වැදගත්කම අවධාරණය කළේය. සෙබළුන්ගේ යහපැවැත්ම සහ සුබසාධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ඉදිරිපත් කරන ලද දැක්ම පිළිබඳව ද ඔහු සභා සාමාජිකයින්ට සහ අණදෙන නිලධාරීන්ට සිහිපත් කළේය.

ඉංජිනේරු සේවා බලකායේ ජ්යෙිෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූ සියළු නිල දිවා භෝජන සංග්රේහයකින් දවසේ න්යානය පත්රනය අවසන් විය.

ඉංජිනේරු සේවා අධ්යජක්ෂ බ්රි‍ගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී, බ්රි්ගේඩියර් කේ විරසිංහ යූඑස්පී, බ්රි ගේඩියර් (පාලන හා භකාස) - ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය), ඉංජිනේරු සේවා බලකායේ ජ්යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම සංවත්සර කටයුතු සඳහා සහභාගී වූහ.