Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

25th October 2024 08:58:43 Hours

ඉංජිනේරු සේවා බළකාය නව මධ්‍යස්ථාන සේනාවිධායක යුද්ධ හමුදා ගෞරව සහිතව පිළිගනී

බ්‍රිගේඩියර් එන් ඩබ් පී එස් එම් පෙරේරා ඉංජිනේරු සේවා බලකායේ 24 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස 2024 ඔක්තෝබර් 22 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

නව මධ්‍යස්ථාන සේනාවිධායක වෙත හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පවත්වන ලදී. බ්‍රිගේඩියර් එන් ඩබ්ලිව් පී එස් එම් පෙරේරා ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් නිල වශයෙන් වැඩ භාර ගත්තේය.