Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

08th May 2024 16:08:51 Hours

ඉංජිනේරු සේවා බළකා කර්නල් සේනාවිධායක උතුරු ප්‍රදේශයේ රෙජිමේන්තු වෙත සුපුරුදු කඳවුරු සංචාර පවත්වයි

අධ්‍යක්ෂ ජනරාල් මූල්‍ය කළමනාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීපී පීඑස්සී, සෙබළුන්ගේ සුභසාධන සහ පහසුකම් සොයා බැලීම සඳහා 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු වෙත බදාදා (03) දින සංචාරයක නිරත විය.

5 වන සහ 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු වල අණදෙන නිලධාරීන් විසින් ‘Drive Pass‘ සමඟ පිළිගැනීමෙන් පසු රෙජිමේන්තු දෙකෙහිම එදින න්‍යාය පත්‍රය ආරම්භ විය. අනතුරුව, අණදෙන නිළධාරීන් විසින් ඔවුන්ගේ කාර්යභාරය, ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ සෙබළුන් සහ ඔවුන්ගේ පවුල් සඳහා සමගාමී සුබසාධන ව්‍යාපෘති පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් පවත්වන ලදී.

කර්නල් සේනාවිධායකගේ සංචාරය සනිටුහන් කිරීම සඳහා මේජර් ජෙනරාල් ලංකා අමරපාල විසින් අදාළ රෙජිමේන්තු නිලධාරීන් සමඟ ඡායාරූපයකට පෙනී සිටි අතර, අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමටද කටයුතු කරන ලදී. ඉන් අනතුරුව, කර්නල් සේනාවිධායක විසින් 5 වන සහ 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවල නිලධාරීන් සහ සෙසු නිලයින් අමතා සංවිධානාත්මක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා හමුදා විනය සහ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරන ලදී. තවද, මෑත කාලීන රථවාහන අනතුරු සහ රථවාහන විනය සහ මාර්ග ආරක්ෂාව පවත්වාගෙන යාමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

කර්නල් සේනාවිධායකවරයා සිය සංචාරය නිමා කළේ ඔහුගේ සංචාරය සහ රෙජිමේන්තු ඉතිහාසය තහවුරු කරන සම්ප්‍රදාය ලෙස අමුත්තන්ගේ පොතෙහි සටහන් තැබීමෙනි. මෙම සංචාරයේදී කර්නල් සේනාවිධායක සමග ඉසේබ මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී ද සහභාගී විය.