Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

27th September 2023 13:41:31 Hours

ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ වාර් ෂික හා සභා රැස්වීම 2023

ඉසේබ සේවා වනිතා ශාඛාවේ වාර් ෂික මහා සභා රැස්වීම 2023 සැප්තැම්බර් 26 වන දින ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි සුරංගි අමරපාල මැතිණියගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම වාර් ෂික මහා සභා රැස්වීම සදහා ඉසේබ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී විය.

ඉසේබ සේවා වනිතා කමිටුවේ සාමාජිකාවන් 2024 වර්ෂයේදී සිදු කිරීමට යෝජිත ක්‍රියාකාරම් පිළිබදව සමාජිකාවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි සුරංගි අමරපාල මැතිණිය සාමාජිකාවන් ඇමතුවාය.

පසුව ආරාධිත, ආචාර්ය ආසිරි හේවාමාලගේ මහත්මිය විසින් ‘දෙමාපිය රැකවරණය’ මැයෙන් වටිනා දේශනයක් ද පවත්වන ලදී.