Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

31st October 2025 09:14:01 Hours

ඉංජිනේරු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායකගේ ඉසේබ නිලධාරී අණදෙන භට පිරිස් (මුලතිව්) හි සංචාරය

ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්ඩබ්පීඑස්එම් පෙරේරා, 2025 ඔක්තෝබර් 29 වන දින, ඉසේබ නිලධාරී අණදෙන භට පිරිස් (මු) හි පාලන පරීක්ෂණයක් පැවැත්වීය.

මධ්‍යස්ථාන සේනාවිධායක විධිමත් සංචාරයක් පවත්වා සොල්දාදුවන්ට ලබා දී ඇති යටිතල පහසුකම් සුභසාධන පහසුකම් පරීක්ෂා කළේය. නිලධාරීන්ගේ සහ සොල්දාදුවන්ගේ පිරිස් සංවර්ධනය පිළිබඳ මග පෙන්වීමක් ද ඔහු ලබා දුන් අතර, ඉසේබ නිලධාරී අණදෙන භට පිරිස් (මු) හි වත්මන් ජයග්‍රහණ සහ අඛණ්ඩ ප්‍රගතිය අගය කළේය.