Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

07th December 2023 16:17:00 Hours

ඉංජිනේරු සේවා බලකා මධ්යaස්ථාන සේනාවිධායක තනතුර අත්හැරීම

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්යරස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කල කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී 2023 දෙසැම්බර් මස 06 වන දින එම තනතුර අත්හරින ලදී. රෙජිමේන්තු මධ්යඑස්ථානය වෙත පැමිණි මධ්යරස්ථාන සේනාවිධායක, නියෝජ්යස මධ්යජස්ථානය සේනාවිධායක කර්නල් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී විසින් පිළිගැනීමෙන් පසු කදවුරු සම්මාන මුරයක් පිරිණැමීමෙන් අනතුරුව ඉසේබ රණවිරු ස්මාරකය අභියස මියගිය රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දක්වා, සම්මාන පෙළපාලිය පිළිගැනීමෙන් පසු සමූහ ඡායාරුපයකට පෙනී සිට, සියළු නිල භෝජනාගාරයේ පැවති තේ පැන් සංග්රෙහයට සහභාගී වී සියළු නිලයින් ඇමතීමෙන් පසු නික්ම යන ලදී.

එදින සන්ධ්යාංවේ කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී වෙනුවෙන් ඉසේබ නිලධාරි නිවස්නයේ පැවති සමුදීමේ සාදය සදහා අධ්යනක්ෂ ජෙනරල් මූල්යී කළමණාකරන සහ කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරල් එච්එච්එල්ජී අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ඇතුළු නිලධාරින් රැසක් සහභාගී විය.