Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

30th November 2023 11:22:28 Hours

ඉංජිනේරු සේවා බලකා නිලධාරීන්ගේ පුහුණු දිනය - නොවැම්බර් මස අවසාන සතිය

ලුතිනන් කර්නල් ජේඒසී පද්මකුමාර ශ්‍රීලයුපොදුසේබ විසින් 2023 නොවැම්බර් 29 වන දින රෙමඉසේබ හි පැවති නිලධාරි පුහුණු දිනයේදී ‘වැටුප් ගැටළු’ පිළිබඳ දේශනයක් පවත්වන ලදී.

මේ සඳහා නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූ අතර, ඉසේබට අයත් ඒකක හා ආයතනයන්හි නිලධාරින් රාශියක් ‘Zoom’ තාක්ෂණය හරහා මෙම දේශනයට සහභාගී විය.

නව නිලධාරීන් බඳවා ගැනීමේ කොටසක් ලෙස හෝ දැනට සිටින නිලධාරීන් සඳහා අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් ලෙස දේශන මාලාව නිතිපතා පවත්වනු ලැබේ. පුළුල් පරාසයක මාතෘකා ඉදිරිපත් කිරීමෙන් සහ අඛණ්ඩ ඉගෙනීම දිරිගැන්වීමෙන්, එවැනි දේශන මාලාවක් ඉසේබ නිලධාරීන්ගේ වෘත්තීය දැනුම වර්ධනයට සහ කාර්යක්ෂමතාවයට උපකාරි වනු ඇත.