Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

01st July 2024 14:12:00 Hours

ඉංජිනේරු සේවා බලකා නිලධාරින්ගේ පුහුණු සැසියක් සහ දැනුම බෙදාගැනීමේ සැසියක් පවත්වන ලදී

යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයි ඒ එන් බි පෙරේරා ආර්ඩබ්පී යූඑස්පි එන්ඩීයූ පිඑස්සී ගේ සංකල්පයට අනුව, ඉංජිනේරු සේවා බලකා නිලධාරීන් සෙනසුරාදා (29) දින පුහුණු සැසියක් සහ දැනුම බෙදාගැනීමේ සැසියක් පානදුර 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හිදී පවත්වන ලදී.

මෙය සංවිධානය කරන ලද්දේ බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අත්දැකීම් තරුණ නිලධාරීන් අතර බෙදාහදා ගැනීමටත්, නිලධාරීන් අතර සුහදත්වය, අන්‍යොන්‍ය අවබෝධය හා මනා ක්‍රියාකාරිත්වයක් ඇති කිරීමටත් තරුණ නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වෘත්තීය දැනුම සහ අත්දැකීම් එක්රැස් කර ගැනීමට හැකිවන පරිදිය.

කළමණාකරන හා නඩත්තු අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් ජී ඩබ් ඒ එස් බී මුහන්දිරම්ගේ යූඑස්පී සහ ඉංජිනේරු සේවා මධ්‍යම වැපළෙහි සේනාවිධායක කර්නල් එන් වනිගසිංහ එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිය තීක්ෂ්ණ බුද්ධිය සහ අත්දැකීම් සහභාගිවන්නන් අතර බෙදාගත් අතර එමඟින් උත්සවය වඩාත් ඵලදායී විය.

ප්‍රසාද් සුබසිංහ මහතා විසින් මෙහෙයවන ලද නිලධාරීන්ගේ බෝල්රූම් නැටුම් පුහුණු සැසිය දිනයේ සැසිය සිත් ඇදගන්නා සුළු විය.

යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා, බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී, ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යීඑස්පී, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, කර්නල් එස්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් මෙම පුහුණු සැසියට සඳහා සහභාගී වූහ.