09th October 2025 08:52:17 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී 2025 ඔක්තෝබර් මස 05 වන දින 10(සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නව කඳවුරු භූමියේ ඉදිකිරීම් කටයුතු පරීක්ෂා කිරීම සඳහා පැමිණෙන ලදි.
මෙම සංචාරයේදී නව කඳවුරු පරිශ්‍රයේ ඉදිකිරීම් ප්‍රගතිය පරීක්ෂා කිරීම සිදුකරන ලද අතර 10(සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී විසින් ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී වෙත ව්‍යාපෘති කාල සටහන් සහ ඊට සමගාමිව ඉටුකරමින් පවතින සේවාවන් සැබදිව පැහැදිලි කරන ලදි.
ගුණාත්මක ප්‍රමිතීන් පවත්වා ගනිමින් නියමිත කාලසටහනකට අනුව කාර්යයන් ඉටුකිරීමේ වැදගත්කම පැහැදිලි කල අතර, ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ විසින් රෙජිමේන්තුවේ උත්සාහයන් අගය කරමින් වෘත්තීයභාවය හා කැපවීම සමඟ තම කටයුතු දිගටම කරගෙන යන ලෙස සියළුම අයවළුන් දිරිමත් කරන ලදි.