Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

25th June 2025 13:38:51 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය(යාපනය) හි ආඥාපති ලෙස මේජර් ජෙනරාල් කේඒඑන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී වැඩ භාර ගන්නා ලදී

ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේඑන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී, 2025 ජුනි 24 වන අඟහරුවාදා ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) හි 33 වන ආඥාපති ලෙස වැඩ භාර ගන්නා ලදී.

ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) හි අලුතින් පත් වන ලද ආඥාපති නිල වශයෙන් හමුදා සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ට අනුකූලව රාජකාරි භාර ගන්නා ලදී.

ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී, ඉංජිනේරු සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් කර්නල් සේනාවිධායක වෙත සිය සුභ පැතුම් එක් කිරීමට සහභාගී වූහ.