Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

18th December 2022 14:29:41 Hours

73 වන ඉසේබ සංවත්සරයට සමගාමීව ජය ශ්‍රී මහා බෝධිය අසල පැවති කිරි පිඩු පූජාව

ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව ඉංජිනේරු සේවා බලකා සාමාජිකයින්ට, ඔවුන්ගේ පවුල් වල සැමටත් ධජයන්ටත් සෙත් පැතීමට සහ මියගිය රණවිරුවන් සිහි කරමින් ඔවුන් වෙත පුණ්‍යානුමෝදනා සිදුකිරීමත් වෙනුවෙන් සංවිධානය කරන ලද කිරි පිඩු පූජාව 2022.12.16 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසල දී පැවැත්විණි.

2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සංවිධානත්වයෙන් ඉංජිනේරු සේවා වෘත්තීය පාසලේ සහ 9 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහභාගීත්වයෙන් සිදුකරන ලද මෙම කිරි පිඩු පූජාව සදහිරු සෑය අභියසින් ආරම්භ වූ අලංකාර පෙරහැරකින් පැමිණ ජය ශ්‍රී මහා බෝධිය වෙත පූජා කරන ලදී.

මෙම අවස්ථාව සදහා අණදෙන නිලධාරි 2 ඉසේරෙ ලුතිතන් කර්නල් එච්බීසී මහේන්ද්‍ර පීටීඑස්සී ඉසේබ, සේනාවිධායක ඉසේවෘපා, ලුතිතන් කර්නල් ආර්එස් පුංචිහේවා යූඑස්පී, කා.නි අණදෙන නිලධාරි 9(ස්වේ) ඉසේරෙ මේජර් ජේකේඑම්ආර්කේ රණසිංහ ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරිණියන් සහ 2 ඉසේරෙ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු බලලත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගී විය.