Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

20th July 2018 15:19:46 Hours

7 (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 12 වන ඒකක දිනය සමරයි.

7 (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සිය 12 වන ඒකක දිනය අතුරුගිරිය ඒකක මුලස්ථානයේදි 2018.07.17 දින සමරන ලදී. එම ඒකක අණදෙන නිලධාරි මේජර් එස්ඩීඑන් සූරියප්පෙරුම එල්එස්සීගේ ආරාධනයෙන් ඉංජිනේරු සේවා අධ්යවක්ෂ ජෙනරාල් හා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේඒපීජේ රත්නානායක එල්එස්සී ප්රරධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර, එහිදි ප්රජධාන අමුත්තා වෙත කඳවුරු සම්මාන මුරයක් ලබාදෙන ලදි. ඒකක දින සැමරීම සනිටුහන් කිරීම සඳහා මේ අවස්ථාවේදි අඹ පැලයක් රෝපණය කිරීම කර්නල් සේනාවිධායක තුමා අතින් සිදුවිය. ඒකක දිනය සැමරීම සඳහා ක්රිරඩා තරග, විනෝදාත්මක ඉසව්, සියලු නිල භෝජන සංග්ර්හයක් හා සංගීත සංධ්යාසවක් වැනි අංග ගණනාවකින් යුක්ත වූ අතර , මේ අවස්ථාවට ජ්යෙනෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා සෙසුනිලයින් විශාල ප්ර මාණයක් සහභාගි වන ලදී.