Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

30th May 2018 12:31:15 Hours

2018 වෙසක් පහන් කූඩු තරගාවලියේ ප්‍රථම ස්ථානය 9 ඉසේරෙ(සෙව්) විසින් දිනා ගන්නා ලදී

අනුරාධපුර මහ නගර සභාව හා අනුරාධපුර තරුණ පදනම මගින් පවත්වන්නට යෙදුන “බුද්ධගයා වෙසක් අසිරිය“ පහන්කූඩු සංදර්ශනයේදී නොකඩවා හත්වෙනි වරටත් 9 ඉංජිනේරු සේවා රෙජිමේන්තු සෙනීන් විසින් නිර්මාණය කරන ලද සම්බුදු තෙමගුල අරුත් ගැන්වෙන වෙසක් පහන් කූඩුව ප්‍රථම ස්ථානය දිනාගැනීමට හැකිවිය.

2017.04.29,30 හා 2018.05.01 හා 02 දින වල පැවැති මෙම පහන්කූඩු තරගයේ පහන් කූඩු 95 ක් අතරින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට හේතුවූයේ එහි අලංකාර නිමාව හා දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සකස්කර තිබු කැටයම් හා ක්‍රමාණුකූල විදුලි ආලෝකකරණය හේතුවෙනි. මෙම පහන් කූඩුවේ උස අඩි 24 ක් හා පළල අඩි 26 ක් වූ අතර, පහන් කූඩුව සඳහා විදුලි බුබුළු හයසියයක් පමණ යොදාගෙන ඇත. එමෙන්ම මෙම පහන් කූඩුව නිර්මාණය සඳහා බලලත් නිලධාරි 1 අයිඑම් රණසිංහ සහ 9 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කලා කණ්ඩය විසින් නිර්මාණ දායකත්වය සපයන ලදී.