Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

12th August 2024 13:13:41 Hours

11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක සාදරයෙන් පිළිගනී

යුද්ධ හමුදා ලේකම් සහ කර්නල් සේනාවිධායක ඉසේබ, මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 අගෝස්තු 11 වන දින කිලිනොච්චියේ 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත සිය මංගල සංචාරය සිදු කරන ලදී.

11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි දෙවන අණදෙන නිලධාරී මේජර් ඩීඒඑම්ඒ දූවෙආරච්චි ඉසේබ විසින් කර්නල් සේනාවිධායක උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

මෙම සංචාරය ආරම්භ වූයේ ඩ්‍රයිව් පාස් ආචාරය සමඟිනි. අනතුරුව ඒකකයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ පරිපාලන කැපවීම පිළිබඳව දෙවෙනි අණදෙන නිලධාරියා විසින් පවත්වන ලද සවිස්තරාත්මක විස්තරයකි. පසුව, කර්නල් සේනාවිධායක සමඟ නිලධාරීන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී.

පසුව, කර්නල් සේනාවිධායක විසින් සියලුම නිලයන් අමතා මනා විනයක් පවත්වා ගැනීමේ වැදගත්කම, වෘත්තීයභාවය තහවුරු කිරීම සහ දැඩි පුහුණුවක අඛණ්ඩ අවශ්‍යතාවය අවධාරණය කළේය.

ඉන්පසු, ජ්‍යෙෂ්ඨ නිලධාරියා සෙබළුන්ට පවතින සුබසාධන පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කඳවුරු පරිශ්‍රය පරීක්ෂා කිරීමක් සිදු කළේය. 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමඟ අදහස් හුවමාරු කර ගැනීමට ද ඔහු මෙය අවස්ථාවක් කර ගත්තේය.

අවසානයේ කර්නල් සේනාවිධායක විසින් නිලධාරීන්ගේ නිවස්නයේදී අමුත්තන්ගේ පොතට අත්සන් කරන ලදී.

ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී මෙදින වැඩසටහනට සහභාගී විය.