Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

10th August 2022 14:09:05 Hours

1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ප්‍රතිස්ථාපනය කිරීම

1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව ආරම්භයේ සිට ස්ථාපනය කර තිබූ පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ගොඩනැගිල්ලෙන් ඉවත්වී නවතමයෙන් පනාගොඩ යුද්ධ හමුදා ජනපදය ඉදිරිපිට ජලපොම්පාගාරය අසල ඉදිකරන ලද තුන් මහල් ගොඩනැගිල්ලෙහි ප්‍රතිස්ථාපනය කිරීම 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු 72 වන ඒකක දින සංවත්සර උත්සවට සමගාමීව 2022.08.01 වන දින සිදුකරන ලදී.

නව ඒකක ගොඩනැගිල්ල 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු‍වේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් පැමිණි ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ හා කර්නල් සේනාවිධායක ඉසේබ බ්‍රිගේඩියර් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් 2022.08.01 වන දින සුභ මොහොතින් සිදුකරන ලදී.

මෙම අවස්ථාව සදහා භකාස අණසක මූලස්ථානය බ්‍රිගේඩියර් (භකාස) බ්‍රිගේඩියර් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී හා මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරිණියන්, නිලධාරින්, නිලධාරිණියන් මෙන්ම රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින් රැසක් ද සහභාගී විය.