Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

06th August 2018 15:21:55 Hours

1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සිය 68 වන ඒකක දිනය සමරයි.

1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සිය 68 වන ඒකක දිනය උත්කර්ෂවත් අන්දමින් නිලධාරින් හා සෙසුනිලයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2018 අගෝස්තු මස 03 වන දින පැවැත්විනි. මෙහිදි 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජීඩබ්ඒඑස්බී මුහන්දිරම්ගේ යුඑස්පී හට කඳවුරු සම්මාන මුරයක් හා සම්මාන පෙලපාලියක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව මධ්යුස්ථාන සේනාවිධායක කර්නල් ආර් ගනේගොඩ පීඑස්සී හා ඉංජිනේරු සේවා අධ්යඅක්ෂක ජෙනරාල් හා කර්නල් සේනාවිධයක ඉසේබ මේජර් ජෙනරාල් කේඒපීජේ රත්නායක එල්එස්සී වෙත ද ක‍ඳවුරු සම්මාන මුර පිරිනමන ලදී.

ක්රීසඩා ඉසව්, කමාන්ඩෝ කේ 9 සංදර්ශන හා සැන්ඩෝ සංදර්ශන ආදි විචිත්රරවත් අංග වලින් සමන්විත ඉසව් ගණනාවක් මෙදින පැවැත්වින. කර්නල් සේනාවිධායක හා සියළු නිලධාරින් ඇතුලත් සියළු නිල භෝජන සංග්රකහයක් ඉන් අනතුරුව පැවැත්විණ.

ඉන්පසු එදින රාත්රියයේදි සියළු නිලධාරින් හා සෙසුනිලයින් හා ඔවුන්ගේ පවුල් වල ඥාතීන් හා සිවිල් සේවකයින්ගේ සහභාගිත්වයෙන් සංගීත සංදර්ශනයක් ද පවත්වන ලදී.