Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

13th May 2024 11:50:06 Hours

‘ක්‍රියේටර්ස්‘ සේවා වනිතා ශාඛාව විසින් ළමුන් 200 දෙනෙකු සඳහා පාසල් උපාංග පරිත්‍යාග කරන ලදී

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ (CES-SVB) සභාපතිනි සුරංගි අමරපාල මහත්මියගේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (09) දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී ජානකී ලියනගේ මැතිණිය සහභාගී විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ 2023 ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සහ 2022 වසරේ අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් ‘ඒ‘ 9 සාමාර්ථ ලබාගත් ඉංජිනේරු සේවා බලකායේ නිලධාරීන්, සෙබළුන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ තෝරාගත් දරුවන් 200 දෙනෙකු සඳහා පාසල් උපකරණ අවශ්‍යතා සපුරාලීමයි.

සෑම තෑගි ඇසුරුමකම පොත් සහ ලිපි ද්‍රව්‍ය ඇතුළත් වූ අතර, ලබන්නන් අධ්‍යයන සාර්ථකත්වය සඳහා සන්නද්ධව සිටින බව සහතික කරයි. ත්‍යාග ප්‍රදානෝත්සවයෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයක් පැවැත්වුණු අතර එහිදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය සහ උත්සවයට සහභාගී වූවන් අතර සුහද පිළිසඳරක් ඇති විය.

ඉසේබ සේවා වනිතා ශාඛාවෙහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ කාන්තා නිලධාරිනියන්, කාන්තා නිලධාරිනියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.