Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

06th November 2024 14:02:03 Hours

හබරකඩ ඉංජින්රු සේවා මධ්‍යම වැඩපල හි 27 වන සංවත්සරය

ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි 2024 ඔක්තෝබර් 30 වැනි දිනට 27 වැනි සංවත්සරය සනිටුහන් කළේ හමුදා විධිවිධාන සහ ආගමික සහ ප්‍රජාව ඉලක්ක කරගත් වැඩසටහන් කිහිපයක් සමඟිනි.

සංවත්සර දිනයේදී, ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි සේනාවිධායක කර්නල් එන් වනිගසිංහ Lsc කඳවුරු පරිශ්‍රයට පැමිණීමෙන් පසු කඳවුරු මුරය පිරිනමන ලදී. පසුව සමූහ ඡායාරූපය සදහා පෙනී සිටීම, සියළු නිල තේ පැන් සංග්‍රහය, බනි/සැර නිවස්නයේ පෙර නිමි ගොඩනැගිල්ල විවෘත කිරිම, පැලය රෝපණය කිරීම, 190 බස් මාර්ගයේ දෙපස පනාගොඩ යුධ හමුදා ජනපදයෙහි B ගේට්ටුව අසල බස් නැවතුම් දෙකක් විවෘත කිරීම සහ එදින සංගීත සංදර්ශනයක්ද පවත්වන ලදි.

සංවත්සර දිනයට සමගාමීව 2024 ඔක්තෝබර් 16 දින කඳවුරු පරිශ්‍රයේදී ධර්ම දේශනාවක් ද, 2024 ඔක්තෝම්බර් 17 වන දින ශ්‍රමදා ව්‍යාපාරයක් මීගොඩ පළාත් ආයුර්වේද රෝහලේදී ද පවත්වන ලදී. මීට අමතරව 2024.10.26 වන දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම.