Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

17th August 2024 10:18:11 Hours

විශ්‍රාම යාමට නියමිත ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක හට හමුදා ගෞරව ප්‍රදානය කරන ලදී

නුදුරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා යුධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයිඒඑන්බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයී පීඑස්සී, වෙත ඉංජිනේරු සේවා බලකාය විසින් ඔහු හට සමුදීමේ උත්සවය 2024 අගෝස්තු 16 දින පැවති අතර, ශ්‍රී ලංකා යුද හමුදාවට සහ ජාතියට වසර 35ක ආදර්ශමත් සහ කීර්තිමත් සේවාවක් ඉටු කිරීමෙන් අනතුරුව 2024 අගෝස්තු 20 වැනි දින යුද හමුදාවෙන් සමුගන්නා ලදී

නික්ම යන කර්නල් සේනාවිධායක, මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූඑස්පී විසින් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදී පිළිගන්නා ලද අතර, නික්ම යන කර්නල් සේනාවිධායක වෙත කෘතඥතාවය පළ කරමින් කඳවුරු සම්මාන මුරයක් පිළිගන්නවන ලදී. ඉන් අනතුරුව මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා විසින් ඉංජිනේරු සේවා බලකායේ මියගිය රණවිරුවන් වෙනුවෙන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

හමුදා විධිවිධානවලට අනුකූලව, නික්ම යන කර්නල් සේනාවිධායකගේ ආචාරය සඳහා වර්ණවත් සම්මාන මුරයක් පවත්වන ලදී. අනතුරුව ඔහු නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

ඉන්පසු, ලිපි ලේඛන භාර දීමෙන් සහ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් අමතා අත්සන් කර ඉසේබ කර්නල් සේනාවිධායක පත්වීම නිල වශයෙන් අත්හරින ලදී. භට පිරිස් දේශනය අතරතුර, නික්ම යන කර්නල් සේනාවිධායක විසින් කර්නල් සේනාවිධායක ලෙස කටයුතු කරන කාලසීමාව තුළ රෙජිමේන්තු ලබා ඇති ජයග්‍රහණ සිහිපත් කළ අතර, සියළුම නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ වෙහෙස මහන්සිය ඔහු ඇගයීමට ලක් කළේය.

ඔහු බනි/සැර නිවස්නය වෙතද ගොස් ඔවුන් සුහද පිළිසඳරක යෙදෙමින් අමුත්තන්ගේ පොතේ ඔහුගේ අදහස් තබයි.

එදින සන්ධ්‍යාවේ, මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත උපහාර පිණිස, හමුදා චාරිත්‍ර හා සම්ප්‍රදායන්ට අනුව, සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ඉංජිනේරු සේවා බළකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

“අපි නැවත හමුවන තුරු,” යැයි කීමට පෙර ඔහු නිලධාරි නිවස්නයෙහි අමුත්තන්ගේ පොතෙහි සිය ප්‍රශංසාව ලිවීය.

බ්‍රිගේඩියර් පාලන හා භකාස ආසේමු(යා) බ්‍රිගේඩියර් කේ වීරසිංහ යූඑස්පී, මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.