Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

29th July 2024 11:12:15 Hours

වන්නි බල ප්‍ර දේහයේ 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සංචාරය

2 ඉසේරෙ විසින් හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ගෞරවනීය පැමිණීම ඉරිදා දින (28) පිළිගනු ලැබීය.

කර්නල් සේනාවිධායක, අණදෙන නිළධාරී මේජර් එච් එම් එස් ජේ බණ්ඩාර ඉසේබ විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, ඒකකයේ ආගන්තුක සත්කාරය සහ එහි සම්භාවනීය අමුත්තන්ට දක්වන ගෞරවය පිළිබිඹු කරමින් සහ විශිෂ්ඨ ආරක්‍ෂක පිරිසක් සහභාගි වෙමින් යුධ විනය සහ නිරවද්‍යතාවය පෙන්නුම් කරමින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, ඒකකයේ කාර්යයන් සහ ක්‍රියාවලි පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකිරීමට අණදෙන නිළධාරීතුමා අවස්ථාව ලබා ගත්තේය. මෙම සැසිය මඟින් ඒකකයේ මෙහෙයුම්, අභියෝග සහ ජයග්‍රහණ පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දුන් අතර, 2 ඉසේරෙ හි කාර්ය මණ්ඩලය විසින් උරදී ඇති වගකීම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් වර්ධනය කරන ලදී.

කර්නල් සේනාවිධායක සහ එම ඒකකයේ නිලධාරින් සමඟින් එම සුවිශේෂී අවස්ථාව සටහන් කර ගනිමින් සමූහ ඡායාරූපයක් ද ලබා ගන්නා ලදී. සංචාරය සංකේතවත් කරමින් එම පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී.

පසුව, කර්නල් සේනාවිධායක විසින් සියළුම නිළයන් අමතා මනා විනයක් පවත්වාගැනීම, වෘත්තීයභාවය රැකගැනීම, මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් නිවැරදි ක්‍රියාපටිපාටි පවත්වාගෙන යාම, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ දැඩි පුහුණුවක අඛණ්ඩ අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කරන ලදී.

දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව නිලධාරීන්ගේ හමුවේදී වටිනා නායකත්වයක් සහ රෙජිමේන්තු මග පෙන්වීමක් ලබා දෙමින් ඔහු නිලධාරීන් ඇමතීය.

චාරිත්‍රයක් ලෙස, කර්නල් සේනාවිධායක ඉසේබ විසින් නිලධාරීන්ගේ නිවස්නයෙ හි අමුත්තන්ගේ පොතට අත්සන් තැබූ අතර, සංචාරය පිළිබඳ ප්‍රත්‍යක්ෂ වාර්තාවක් ඉතිරි කළේය. මෙම ක්‍රියාව මෙම සංචාරය පමණක් නොව කර්නල් සේනාවිධායක සහ ඒකකය අතර පවතින සහයෝගීතාවය සහ සුහදතාවය සංකේතවත් කළේය.

මෙම දින වැඩසටහන සඳහා ඉංජිනේරු සේවා බලකා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, කර්නල් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.