Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

09th October 2023 15:13:22 Hours

ලෝක ළමා දිනයට සමගාමීව පැවති ඉසේබ ළමා දින වැඩසටහන

2023.10.01 දිනට යෙදී තිබුණු ලෝක ළමා දිනයට සමගාමීව ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කරන ලද ළමා දින වැඩසටහන, පාසල් වයසේ පසුවන ඉංජිනේරු සේවා බලකායට අයත් නිලධාරින් සහ සෙසුනිලයින්ගේ දූ දරුවන් 45 දෙනෙකුගේ සහභාගීත්වයෙන්, 2023.10.07 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි සුරංගි අමරපාල මැතිණියගේ මගපෙන්වීම සහ ප්‍රධානත්වයෙන් පැවති ඉසේබ ළමා දින වැඩසටහනෙහිදී එම දූ දරුවන් වෙනුවෙන් විනෝද ක්‍රීඩා හා තරග රාශියක් පැවති අතර, ඔවුන් වෙත ත්‍යාග පාර්සල් හා ඉසේබ සේවා වනිතා පොත් හල වෙතින් දූ දරුවන්ට ට අවැසි පාසල් උපාංග මිලදී ගැනීම පිණිස තෑගි වවුචර් පත් ද ලබාදෙන ලදී.

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි සුරංගි අමරපාල මැතිණියගේ මගපෙන්වීම සහ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු ලේකම් අරුණි චන්ද්‍රෙස්කර මැතිණිය ඇතුළු ඉසේබ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් රාශියක් සහභාගී විය.