Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

04th July 2024 21:23:53 Hours

මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 8 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත පැමිණෙයි

8 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට, යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජුලි 02 වන දින සිදු කරන ලද මෙම සංචාරය, රෙජිමේන්තුව සඳහා තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කළ අතර, කර්නල් සේනාවිධායක විසින් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සමඟ ඔවුන්ගේ මෙහෙයුම් සහ ජයග්‍රහණ පිළිබඳ සෘජු අවබෝධයක් ලබා ගත්තේය.

8 (V) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම් ආර් විද්‍යාරත්න ඉසේබ, සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා මහත් හරසරින් පිළිගන්නා ලදී.

මෙම සංචාරය ආරම්භ වූයේ සොල්දාදුවාගේ හමුදා විනය විදහා දක්වන කඳවුරු සම්මාන මුරයක් සමඟිනි. අනතුරුව ඒකකයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ පරිපාලන කැපවීම පිළිබඳව අණදෙන නිළධාරිගේ සවිස්තරාත්මක දැනුවත් කිරීමෙන් අනතුරුව කර්නල් සේනාවිධායකගේ පැමිණීම සනිටුහන් කරමින් පැළයක් රෝපණය කළ අතර පසුව එම ඒකකයේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

පසුව, කර්නල් සේනාවිධායක සියලු නිලයන් තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් හභාගිවූවන් අතර පිළිසඳසරක යෙදුණු අතර, එහිදී ඔවුනොවුන් අතර සමගිය සහ සුහදත්වය පිළිබඳ හැඟීමක් වර්ධනය කරන ලදී. එහිදී කර්නල් සේනාවිධායක විසින් සියළුම නිලයන් අමතා ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ විනය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරමින් වෘත්තීයභාවයේ වටිනාකම අවධාරණය කළේය.

කර්නල් සේනාවිධායක විසින් සෙබළුන්ට පවතින සුබසාධන පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කඳවුරු පරිශ්‍රය පරීක්ෂා කිරීමක් සිදු කරන ලදී. 8 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමඟ කටයුතු කිරීමට ද ඔහු මෙය අවස්ථාවක් කර ගත්තේය.

කඳවුරු සංචාරය අවසානයේ, අවසාන වශයෙන්, කර්නල් සේනාවිධායක විසින් 8 (ස්වේ) ඉසේරෙ වෙත මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරාගේ මංගල සංචාරය සනිටුහන් කරමින්, සංකේතාත්මක අභිනය ලෙස අමුත්තන්ගේ පොතෙහි සමරු සටහන් තැබීය.

ඉංජිනේරු සේවා බලකා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, කර්නල් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී ද මෙම සංචාරයට සහභාගී විය.