Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

13th May 2024 12:28:03 Hours

මේජර් ජෙනරල් ලංකා අමරපාල විසින්, නවතමයෙන් ඉදිකරන ලද "ෆීල්ඩ් වීව්" නිවාඩු බංගලාව විවෘත කරයි

කොළඹ ප්‍රදේශයේ වෛද්‍ය සේවා සඳහා පැමිණෙන නිලධාරීන්, සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා නවාතැන් පහසුකම් සැපයීම මෙන්ම ඔවුන්ගේ පරිපාලන අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් පනාගොඩින් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය කර්නල් සේනාවිධායක විසින් ආරම්භ කරන ලදී.

ඉංජිනේරු සේවා බලකායේ දැඩි කැපවීම සහ කුසලතා හේතුවෙන් “Field View” මාස 4කට අඩු කාලයකදී ඉදිකර අවසන් කරන ලදී. සමාරම්භක උත්සවයේදී මේජර් ජෙනරාල් ලංකා අමරපාල ඔවුන්ගේ දක්ෂතා සහ කැපවීම අගය කිරීමට අමතක නොකළේය.

ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී, ඉසේබ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේඑල් මුණසිංහ යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.