Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

24th November 2023 16:20:58 Hours

මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 8 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට පැමිණෙන ලදී.

මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, මූල්යේ කළමනාකරණ අධ්යtක්ෂ ජනරල් සහ ඉංජිනේරු සේවා බලකා කර්නවිධායකල් සේනා විසින් 8 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට 2023නොවැම්බර් මස 27 වන දින සංචාරය කරන ලදී. මෙම සංචාරය, රෙජිමේන්තුව සඳහා තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කළ අතර, කර්නල් සේනාවිධායක විසින් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සමඟ ඔවුන්ගේ ක්රිායාකාරකම් සහ ජයග්රකහණ පිළිබඳ සෘජු අවබෝධයක් ලබා ගත්හ. ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායකයෙකු 8 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත පැමිණි පළමු අවස්ථාව මෙයයි.

8 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්ආර් විද්යාtරත්න ඉසේබ, සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් මේජර් ජෙනරාල් ලංකා අමරපාල මහත් හරසරින් පිළිගන්නා ලදී.

මෙම සංචාරය ආරම්භ වූයේ කර්නල් සේනාවිධායක වෙත කදවුරු සම්මාන මුරයක් පිරිණැමීමෙන් අනතුරුව ඒකකයේ වත්මන් ක්රි යාකාරීත්වය සහ පරිපාලන කැපවීම පිළිබඳව අණදෙන නිළධාරීවරයා විසින් දැනුවත් කිරීමෙනේ අනතුරුව පැමිණීම සනිටුහන් කරනු වස් පැළයක් සිටුවා සමූහ ඡායාරූපයක් ද ලබා ගන්නා ලදී.

පසුව, කර්නල් සේනාවිධායක විසින් සියලු නිලයන් අමතා මනා විනයක් පවත්වාගැනීම, වෘත්තීයභාවය රැකගැනීම, මුල්යස කටයුතු සම්බන්ධයෙන් නිවැරදි ක්රිටයාපටිපාටි පවත්වාගෙන යාම, මත්ද්රයව්යැ නිවාරණය සඳහා ක්රියයාමාර්ග ගැනීම සහ දැඩි පුහුණුවක අඛණ්ඩ අවශ්යාතාවය පිළිබඳව අවධාරණය කරන ලදී.

කර්නල් සේනාවිධායක විසින් සෙබළුන්ට පවතින සුභසාධන පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කඳවුරු පරිශ්රයය පරීක්ෂා කිරීමක් සිදු කරන ලදී. 8 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය කතා බහ කිරීමට ද ඔහු මෙය අවස්ථාවක් කර ගත්තේය.

අවසානයේ කර්නල් සේනාවිධායක විසින් නිලධාරීන්ගේ නිවස්නයේදී අමුත්තන්ගේ පොතෙහි සටහනක් තැබීය.

මේජර් ජෙනරාල් ලංකා අමරපාල උණුසුම් පිළිගැනීම සබැදි සිය කෘතඥතාව පළ කළ අතර 8 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව එහි කැපවීම සහ වෘත්තීයභාවය පිළිබඳව ප්ර ශංසා කිරීමත් සමඟ සංචාරය අවසන් විය.

ඉංජිනේරු සේවා බලකා මධ්ය ස්ථාන සේනාවිධායක, කර්නල් වයිකේඑස් රංගික පීඑස්සි පීටීඑස්සී මෙම දින වැඩසටහනට සහභාගී විය.