Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

10th December 2023 12:11:59 Hours

මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 14 (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සංචාරයක් සිදුකරන ලදී.

මූලයමෙ කළමනාකරණ අධ්ය්ක්ෂ ජෙනරල් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2023 නොවැම්බර් මස 29 වන දින 14 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (සෙව්) හි සංචාරයක නිරත විය.

14(ස්වේ) ඉසේරෙ හි කීර්තිමත් වන විනය සහ නිරවද්යිතාවය පෙන්නුම් කරමින් කදවුරු සම්මාන මුරයක් ලබාදීමෙන් දිනය ආරම්භ විය. අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්යූඑස් කරුණාරත්න ඉසේබ විසින් මේජර් ජෙනරල් ලංකා අමරපාල වෙත උණුසුම් පිළිගැනීමක් පිරිනමන ලද අතර, ඒකකයේ ආගන්තුක සත්කාරය සහ එහි සම්භාවනීය අමුත්තන්ට දක්වන ගෞරවය පිළිබිඹු විය. ඒකකයේ කාර්යයන් සහ ක්රිසයාදාමයන් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ලබාදීමට අණදෙන නිලධාරීවරයා අවස්ථාව ලබා ගත්තේය. මෙම සංචාරයේදී 14(ස්වේ) ඉසේරෙ හි භඨ පිරිස් විසින් උරදී ඇති වගකීම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදෙමින් ඒකකයේ මෙහෙයුම්, අභියෝග සහ ජයග්රිහණයන් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙන ලදී.

සංචාරය සංකේතවත් කරමින් කදවුරු පරිශ්රෙහය් පැළයක් ද රෝපණය කෙරිණි. අනතුරුව කර්නල් සේනාවිධායක සහ එම ඒකකයේ නිලධාරීන් සමඟ එම වැදගත් අවස්ථාව සිහියට නගමින් සමූහ ඡායාරූපයක් ද ලබා ගන්නා ලදී.

පසුව, කර්නල් සේනාවිධායක විසින් සියළුම නිළයන් අමතා මනා විනයක් පවත්වාගැනීම, වෘත්තීයභාවය රැකගැනීම, මුලය ් කටයුතු සම්බන්ධයෙන් නිවැරදි ක්රිවයා පටිපාටියක පවත්වාගෙන යාම, මත් ද්රයව්ය නිවාරණය සඳහා ක්රි යාමාර්ග ගැනීම සහ දැඩි පුහුණුවක අඛණ්ඩ අවශ්ය්තාවය පිළිබඳව අවධාරණය කරන ලදී. අනතුරුව 14 (ස්වේ) ඉසේරෙ විසින් සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහයට ද සහභාගී විය.

කර්නල් සේනාවිධායක විසින් සෙබළුන්ට පවතින සුභසාධන පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කඳවුරු පරිශ්රධය පරීක්ෂා කිරීමක් සිදු කරන ලදී. 14 (ස්වේ) ඉසේරෙ හි නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමඟ කටයුතු කිරීමට ද ඔහු මෙය අවස්ථාවක් කර ගත්තේය. ඉන් අනතුරුව, ඔහු සම්මන්ත්ර්ණ ශාලාවේ සිටි සියලුම නිලධාරීන් ඇමතීය.

සම්ප්රතදායක් ලෙස, කර්නල් සේනාවිධායක ඉසේබ විසින් නිලධාරී නිවස්නයේදී අමුත්තන්ගේ පොතට අත්සන් තැබූ අතර, සංචාරය පිළිබඳ වාර්තාවක් ඉතිරි කළේය. මෙය සංචාරය පමණක් නොව කර්නල් සේනාවිධායක සහ ඒකකය අතර පවතින සහයෝගීතාවය සහ සුහදතාවය සංකේතවත් කළේය.

14(ස්වේ) ඉසේරෙ වෙත කර්නල් සේනාවිධායක ඉසේබ ගේ සංචාරය අර්ථවත් අන්තර් ක්රිlයා, සංකේතාත්මක අභිනයන් සහ ඒකකයේ ජයග්රේහණ සැමරීමකින් පිරුණු දිනයක් විය. පැමිණීමේ සිට භඨ පිරිස් ඇමතීම දක්වා, දවසේ සෑම අංශයකින්ම ඒකකයේ වෘත්තීයභාවය, කැපවීම සහ එහි සාමාජිකයින් අතර ඇති ශක්තිමත් බැඳීම ඉස්මතු විය. එය 14(ස්වේ) ඉසේරෙ හි විශිෂ්ටත්වය සහ අභිමානය පිළිබඳ සාක්ෂියක් ලෙස මතකයේ රැඳෙන දිනයක් විය.

ඉංජිනේරු සේවා බලකා මධ්යහස්ථාන සේනාවිධායක, කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී මෙදින වැඩසටහනට සහභාගී විය.