Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

07th November 2023 12:37:12 Hours

මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 7ඉංජිනේරු සේවා රෙජිමේන්තුව(ස්වේ) වෙත සංචාරය කරන ලදී.

මූල්ය කළමනාකරණ අධ්යරක්ෂ ජෙනරල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී2023 නොවැම්බර් මස 02 වන දින අතුරුගිරියේ 7 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) වෙත සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 7 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ (ස්වේ) අණදෙන නිලධාරී මේජර් එම්පීඑස් නදීශාන් එල්එස්සී ඉසේබ, සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

මෙම සංචාරය සම්මාන මුරයකින්ආරම්භවී අනතුරුව ඒකකයේ වත්මන් ක්රි යාකාරීත්වය සහ පරිපාලන කැපවීම පිළිබඳව අණදෙන නිළධාරීවරයා විසින් දැනුවත් කිරීමෙන්පසු පැළයක් සිටුවා සමූහ ඡායාරූපයකට කර්නල් සේනාවිධායක තුමන් පෙනී සිටියේය.

පසුව, කර්නල් සේනාවිධායක විසින් සියලුම නිලයන් අමතා මනා විනයක් පවත්වාගෙන යාමේ වැදගත්කම, වෘත්තීයභාවය ආරක්ෂා කිරීම සහ දැඩි පුහුණුවක් අඛණ්ඩව අවශ්යම බව අවධාරණය කරන ලදී.

කර්නල් සේනාවිධායක විසින් සෙබළුන් සඳහා පවතින සුබසාධන පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කඳවුරු පරිශ්රකයේ නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදී. 7 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ (ස්වේ) නිලධාරීන් සහ සෙබළුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට ද ඔහු මෙය අවස්ථාවක් කර ගත්තේය.

වැඩසටහනේ අවසානය සනිටුහන් කරමින් නිලධාරීන්ගේ දේශනයෙන් අනතුරුව කර්නල් සේනාවිධායක විසින් නිලධාරී නිවස්නයේදී සමරු සටහන් පො‍තෙහි අත්සන් කරන ලදී.

ඉංජිනේරු සේවා බලකා මධ්යපස්ථාන සේනාවිධායක, කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී ද මෙදින මෙම වැඩසටහනට සහභාගී විය.