12th August 2024 10:11:09 Hours
හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 අගෝස්තු 11 වන දින යාපනය, අයියකච්චි හි පිහිටි 5 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත සිය මංගල සංචාරය සිදු කරන ලදී. 5 ඉසේරෙ හි දෙවන අණදෙන නිලධාරී මේජර් ඒජීඑච් නෙරංජන් ඉසේබ විසින් සංචාරයට පැමිණි කර්නල් සේනාවිධායකව උණුසුම් ලෙස පිළිගත් අතර පසුව රෙජිමේන්තුවේ විනය ප්‍රදර්ශනය කරමින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.
න්‍යාය පත්‍රයට අනුකූලව, කර්නල් සේනාවිධායක සමඟ අණදෙන නිළධාරී කාර්යාලය වෙත ගොස් නා පැළයක් සිටුවීමෙන් අනතුරුව ඒකකය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සිදු කරන ලදී. අනතුරුව එම සංචාරය සිහිකරමින් එකමුතුකම සහ අරමුණු බෙදා හදා ගනිමින් කර්නල් සේනාවිධායක සමග නිලධාරීන්ගේ සමූහ ඡායාරූපයක් ලබා ගන්නා ලදී.
ඉන්පසු කර්නල් සේනාවිධායක විසින් භට පිරිස් අමතමින්, ඔවුන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය අගය කළ අතර, සෙබළුන්ගේ හමුදාමය සහ පුද්ගලික විනය සහ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට, ඉංජිනේරු සේවා බලකායට සහ සමස්ත යුද හමුදාවට ඇති බලපෑම පිළිබඳව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. අවසාන වශයෙන්, ඔහු සමාජ මාධ්‍ය නිවැරදිව භාවිතා කිරීම, වර්තමාන මූල්‍ය අර්බුදය, තත්ත්ව පිළිබඳ දැනුවත්භාවය සහ ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග පිළිබඳව රැස්වීමට උපදෙස් දුන්නේය.
කර්නල් සේනාවිධායක විසින් කඳවුරු පරිශ්‍රය පරීක්ෂා කළ අතර, සෙබළුන්ට පවතින සුබසාධන පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ප්රගතිශීලී වැඩිදියුණු කිරීම් සඳහා මගපෙන්වීම් ලබා දෙන ලදී. ඔහු 5 ඉසේරෙ හි නිලධාරීන්, අනෙකුත් නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමඟ පිළිසඳරක යෙදීමට මෙය අවස්ථාවක් කර ගත්තේය. ඉන්පසු ඒකකය විසින් සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහයට සම්බන්ධ වූ අතර එමඟින් ඒකකයේ සියලුම නිලයන් සමඟ සුහදකතා බස් හි යෙදීමට අවස්ථාව සැලසුණි.
ඔහු පිටත්ව යාමට පෙර, අමුත්තන්ගේ පොතෙහි ඔහුගේ ප්‍රශංසාව සටහන් කල අතර, එය ඔහුගේ සංචාරය සහ රෙජිමේන්තු ඉතිහාසය ශක්තිමත් කරන සම්ප්රදායකි. මෙම වැදගත් සිදුවීම රෙජිමේන්තුවේ වෘත්තීයභාවය, කැපවීම සහ ශ්‍රී ලංකා හමුදාව තුළ ඇති වැදගත් කාර්යභාරය ඉස්මතු කරමින් ඒකකය තුළ ඇති බැඳීම් තවදුරටත් ශක්තිමත් කළේය.
මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට එක් විය.