13th August 2024 11:55:09 Hours
2024 අගෝස්තු 12 වන දින මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක විසින් සිදුකල සංචාරය වෙනුවෙන් සත්කාරකත්වය සැපයීමේ සුවිශේෂී ගෞරවය මුලතිව්හි ඉසේබ නිලධාරි අණදෙන භට පිරිස් වෙත හිමි විය.
පැමිණි කර්නල් සේනාවිධායක, නිලධාරි අණදෙන, මේජර් ඊඅයි චතුරංග ඉසේබ විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
සංචාරය ආරම්භ වූයේ කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් පසු, ආයතනයේ වත්මන් මෙහෙයුම් සහ පරිපාලන කැපවීම පිළිබඳ නිලධාරි අණදෙනගේ විස්තර කිරීමෙනි. අනතුරුව එම ඒකකයේ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර පසුව එතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් පැළයක් ද රෝපණය කෙරිණි.
පසුව, කර්නල් සේනාවිධායක සියලු නිලයන් අමතා ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ විනය පිළිබඳ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරමින් වෘත්තීයභාවයේ වටිනාකම අවධාරණය කළේය.
කර්නල් සේනාවිධායක විසින් සෙබළුන්ට පවතින සුබසාධන පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කඳවුරු පරිශ්‍රය පරීක්ෂා කිරීමක් සිදු කරන ලදී.
පරීක්‍ෂාව අවසානයේ, කර්නල් සේනාවිධායක සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර, එහිදී පිරිස සමග සුහද කතාබහක යෙදුණු අතර, සහභාගිවූවන් අතර සමගිය සහ සුහදතාව පිළිබඳ හැඟීමක් ඉන් වර්ධනය කරන ලදී.
අවසානයේ, මේජර් බුද්ධික පෙරේරාගේ ඉසේබ නිලධාරි අණදෙන භඨ පිරිස් මුලතිව් හි මංගල සංචාරය සනිටුහන් කරමින්, සංකේතාත්මක අභිනය ලෙස, කර්නල් සේනාවිධායක විසින් අමුත්තන්ගේ පොතෙහි සමරු සටහන් තැබීය.
ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූඑස්පී ද මෙම සංචාරයට සහභාගී විය.