Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

25th June 2024 18:03:15 Hours

මේජර් ජෙනරල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපළෙහි සංචාරය කරයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජුනි 25 වන දින හබරකඩ ඉංජිනේරු සේවා මධ්‍යම වැඩමුළුව වෙත පැමියේය.

ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි සේනාවිධායක කර්නල් එන් වනිගසිංහ එල්එස්සී විසින් කඳවුරු සංචාරයට පැමිණි කර්නල් සේනාවිධායක පිළිගැනීමෙන් අනතුරුව ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි සෙබළුන් විසින් කඳවුරු සම්මාන මුරයක් ලබාදීමෙන් අනතුරුව එදින න්‍යාය පත්‍රය ආරම්භ කරන ලදී.

අනතුරුව, මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා විසින් හබරකඩ වැඩපල මගින් සිදු කරන ලද ව්‍යාපෘතිවල කාර්ය භාරය සහ ප්‍රගතිය පිළිබඳව සේනාවිධායකගේ දැනුවත් කරන ලදී.

කර්නල් සේනාවිධායක සහ එම වැඩපලෙහි නිලධාරින් සමඟින් එම අවස්ථාව සටහන් කර ගනිමින් සමූහ ඡායාරූපයක් ද ලබා ගන්නා ලදී. තවද, කඳවුරු සංචාරය සංකේතවත් කරමින් එම පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කෙරිණි.

පසුව පැවති තේ පැන් සංග්‍රහය අතරතුර සහභාගිවන්නන් හා සමගිය මෙන්ම සුහදත්වය ඇති කළේය. ඉන් අනතුරුව, කර්නල් සේනාවිධායක විසින් මනා විනයක් පවත්වාගෙන යාමේ වැදගත්කම, වෘත්තීයභාවය තහවුරු කිරීම, මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් නිවැරදි ක්‍රියා පටිපාටි පවත්වාගෙන යාම, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ දැඩි පුහුණුවක අඛණ්ඩ අවශ්‍යතාවය අවධාරණය කරමින් සියලු නිලයන් ඇමතීය.

භට පිරිස් දේශනයෙන් අනතුරුව මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපල මුහුණ දෙන තත්ත්වයන් සහ අභියෝග සියැසින් දැක බලා ගැනීමට පරිශ්‍රය නිරීක්‍ෂණය කරමින් සංචාරය අවසන් කරන ලදී.

මෙම අවස්ථාව ස‍ඳහා ඉංජිනේරු සේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී හා විධායක අධිකාරි ද ඇතුළු නිලධාරින් සහභාගී විය.