Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

16th October 2023 22:33:39 Hours

මාහා මාර්ගයේ ජලඅපවහන කාණුවක් පවිත්‍ර කර පැසසුම් ලැබූ ඉසේබ සාමාජිකයන්

14 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) යටතේ රාජකාරි කරනු ලබන කොනොනි වරුන් තිදෙනෙකු, රාජකාරි නිමකර මහා මාර්ගයේ ගමන් කරමින් සිටියදී අක්‍රමවත් ජල අපවහණයක් හේතුවෙන් අපවිත්‍ර ජලයෙන් පිරී තිබූ මාර්ගයක්, ඔවුන් විසින් අපවහන කාණු පද්ධතිය යථා තත්වයට පත් කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්තවීමෙන් ඔවුන් සියළු ජනතාවගේ පැසසුමට ලක් වන ලදී.

යුද්ධ හමුදා මූලස්ථාන ඉදිරිකිරීම් ව්‍යාපෘතියෙහි 14 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) යටතේ රාජකාරි කරනු ලබන පහත නම් ස‍දහන් කොනොනි වරුන් තිදෙනා 2023.10.07 වන දින තම රාජකාරි නිම කර නිවෙස් බලා ගමන් කරමින් සිටියදී පැලවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයක්, ජලඅපවහන කාණු පද්ධතිය අවහිර වීම නිසා අපවිත්‍ර ජලයෙන් යටවී මාර්ගයේ ගමන් කිරීමට පවා අපහසුව පවතින බව දැක ඔවුන් විසින් කාණු පද්ධතිය පවිත්‍ර කර ජල අපවහනය යථා තත්වයට පත්කරනු ලබන අවස්ථාවේ ඒ අසලින් ගිය පුද්ගලයෙකු මෙම ක්‍රියාව වීඩියෝගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත.

සෙ/එස්103858 ලා/කෝ බණ්ඩාර ඊඑම්පීපී - 7(ස්වේ) ඉසේරෙ

සෙ/එස්104427 ලා/කෝ දිසානායක ඩීඑම්එස්සී - 9(ස්වේ) ඉසේරෙ

සෙ/එස්104602 ලා/කෝ ද වික්‍රමසිංහ එන්පීඑස්එන් - 7(ස්වේ) ඉසේරෙ

මෙම උදාරතර ක්‍රියාව ඇගයීමට ලක් කරමින් ඉංජිනේරු සේවා බලකාය වෙනුවෙන් ඔවුන්වෙත වටිනා මුදල් ත්‍යාගයන් 2023.10.16 වන දින අධ්‍යක්ෂ ‍ජෙනරල් මූල්‍ය කළමණාකරන සහ කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව ස‍දහා මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ කර්නල් වයිකේඑස් රංගික පීඑසසී පීටීඑස්සී හා රෙමඉසේබ විධායක අධිකාරි මේජර් ජීඅයි චන්ද්‍ර එල්එස්සී ඉසේබ සහභාගී වන ලදී.