Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

17th May 2021 09:53:52 Hours

කර්නල් සේනාවිධායක විසින් ඉංජිනේරු සේවා බලකා සාමාජිකයන් වෙත නව අවුරුදු සුභ පැතුම් එක්කරයි.

ඉංජිනේරු සේවා බලකා හා 1 ඉසේරෙ අලුත් අවුරුදු තේ පැන් සංග්‍රහය ආඥාපති ඉනපෙ (මුලතිව්) හා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ආර් ගනේගොඩ පීඒස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2021 අප්‍රේල් 22 වන දින රෙමඉසේබ දේශ‌ණ ශාලාවේදී පැවැත්විණ. මෙහිදි මෙම බලකායේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් හට ත්‍යාග හා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක් සිදුකරන ලද අතර ඔවුන්ගේ සේවයද කර්නල් සේනාවිධායක තුමාගේ ඇගයීමට ලක්විය. මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්එන් කිතුල්ගොඩ යූඑස්පි, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්එන්ජේ පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා සෙසුනිලයින් මේ අවස්ථාවට සහභාගි විය.