Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

30th October 2023 23:32:19 Hours

කර්නල් ජී චී එච් චන්ද්‍රරත්න ගේ සමුගැනීමේ සාදය

2023 ඔක්තෝම්බර් 27 වන දින කර්නල් ජීපීඑච් චන්ද්‍රරත්න වෙත සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. මේ සදහා යුද හමුදාවේ අධ්‍යක්ෂ ජනරල් මූල්‍ය කළමනාකරණ සහ කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සහභාගීත්වයෙන් ඉසේබ නිලධාරි නිවස්නයේදී පැවැත්විණි. ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි සුරංගි අමරපාල මැතිණිය, ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ, මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ඔවුන්ගේ කාලාත්‍රයන්ද සහභාගී විය.

කර්නල් ජීපීඑච් චන්ද්‍රරත්න සහ ලක්මිණි ප්‍රියංගිකා මැතිණිය, මධ්‍යස්ථාන සේනාවිධායක විසින් අනෙකුත් මාණ්ඩලික නිළධාරීන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. මධ්‍යස්ථාන සේනාවිධායකගේ සමුගැනීමේ කතාවෙන් අනතුරුව ශ්‍රී ලංකා යුධ හමුදාවට සහ ඉංජිනේරු සේවාබලකාය වෙත ඔහු කළ සේවය විදහා දැක්වෙන වාර්තා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන ලද අතර අනතුරුව කර්නල් ජීපීඑච් චන්ද්‍රරත්න විසින් ස්තුති කථාව පවත්වන ලදී.

ඉසේබ කර්නල් සේනාවිධායක සහ ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය විසින් කර්නල් ජීපීඑච් චන්ද්‍රරත්න සහ ඔහුගේ ආදරණීය බිරිඳ වන ලක්මිණි ප්‍රියංගිකා මැතිණිය විසින් සිදු කරන ලද සුවිශාල සේවාව සහ දැක්වූ සහයෝගය අගය කිරීම සඳහා සංකේතයක් ලෙස සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.