Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

31st January 2022 13:11:15 Hours

"උසස් අධ්‍යාපනයේ මංපෙත් හඳුනාගැනීම" යන මැයෙන් පැවති 1වන WEBINAR

ඉසෙබ සේවා වනිතා ශාඛාවේ සභාපති දීපිකා චන්ද්‍රසේන මහත්මියගේ මඟපෙන්වීම යටතේ අනෙකුත් සාමාජිකයින්ගේ සහය ඇතිව විද්‍යා විෂය ධාරාවෙන් අ.පො.ස (උ.පෙළ) ඉගෙනීමට කැමති සහ ඉගෙනුම ලබන දරුවන් සඳහා සංවිධානය කරන ලද ‘‘Webinar” 2022 ජනවාරි 27 වන දින රෙමඉසේබහි සම්මන්ත්‍රණ ශාලාවේදී 1800 පැයට පැවැත්විණි.

“උසස් අධ්‍යාපනයට ඇති මංපෙත් හඳුනාගැනීම” යන මැයෙන් NSBM හරිත විශ්ව විද්‍යාලයේ ජෛව්‍ය වෛද්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නුවන්ති කටුවාවිල,PhD, B Sc(Sp) Chemistry විසින් පවත්වන ලදී.

වෛද්‍ය නුවන්ති කටුවාවිල මහත්මිය ඉසේබ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවක් වන අතර ඇය 11 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් AMAS අලුගොල්ල ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ බිරිද වේ.