Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

28th December 2022 14:20:55 Hours

ඉසේබ සේවා වනිතා මහා සභා රැස්විමට සමගාමීව පාසල් උපකරණ ලබාදීම

2022 දෙසැම්බර් 10 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති ඉසේබ සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම බලකායේ සේවයේ නියුතු අයවළුන්ගේ පවුල්වලට අයත් පාසල් සිසුන් 68 දෙනෙකුට අත්‍යවශ්‍ය පාසල් උපාංග සහ උපකරණ ඇතුළත් තෑගි ඇසුරුම් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉසේබ සේවා වනිතා ශාඛවේ ගරු සභාපතිණි දීපිකා ප්‍රශාන්ති චන්ද්‍රසේන මහත්මිය සහභාගී විය.

2021 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සාර්ථකව සමත් වූ සිසුන් 68 පාසල් උපකරණ ලබාදීමට කටයුතු කරන ලද අතර, උත්සවය සංකේතවත් කිරීම සඳහා, සිසුන් 10 දෙනෙකුට ඔවුන්ගේ අත්‍යාවශ්‍ය පාසල් උපාංග ඇසුරුම් උත්සව අවස්ථාවේ්දී ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ඉසේබ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් රැසක් සහභාගී විය.