Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

26th February 2025 01:17:00 Hours

ඉංජිනේරු සේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක 14 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට පැමිණෙයි

ඉංජිනේරු සේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්ඩබ්ලිව්පීඑස්එම් පෙරේරා 2025 පෙබරවාරි 21 වන දින බත්තරමුල්ල 14 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවට පැමිණියේය. ඒකකයේ පරිපාලන කටයුතු පරීක්ෂා කිරීම සඳහා මෙම සංචාරය සංවිධානය කරන ලදී.

පැමිණි මධ්‍යස්ථාන සේනාවිධායක 14 (ස්වේ) ඉසේරෙ හි අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්යූඑස් කරුණාරත්න ඉසේබ විසින් උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා විනය ප්‍රදර්ශනය කරමින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

වැඩසටහනට සමගාමීව, මධ්‍යස්ථාන සේනාවිධායක පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කළ අතර ඔහුගේ සංචාරය සනිටුහන් කිරීම සඳහා ඒකකයේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

ඉන්පසු මධ්‍යස්ථාන සේනාවිධායක කඳවුරු සංචාරයක් පවත්වා ඒකකයේ පරිපාලන කටයුතු පරීක්ෂා කළේය. මධ්‍යස්ථාන සේනාවිධායක 14 (ස්වේ) ඉසේරෙ හි නිලධාරීන් සහ පරිපාලන කාර්ය මණ්ඩලය අමතමින් ඒකකයේ පරිපාලන කටයුතු ඉස්මතු කළේය.

ඔහුගේ සංචාරය සහ රෙජිමේන්තුවේ ඉතිහාසය ශක්තිමත් කරන සම්ප්‍රදායක් වන අමුත්තන්ගේ පොතේ අත්සන් කිරීමෙන් ඔහු තම සංචාරය අවසන් කළේය. මෙම වැදගත් සිදුවීම මගින් රෙජිමේන්තුවේ වෘත්තීයභාවය, කැපවීම සහ ශ්‍රී ලංකා හමුදාවේ වැදගත් කාර්යභාරය ඉස්මතු කරන ලද අතර ඒකකය තුළ ඇති බැඳීම් තවදුරටත් ශක්තිමත් කරන ලදී.

ඉංජිනේරු සේවා බළකායේ රෙජිමේන්තු මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් මෙම සංචාරයට සහභාගී විය.