Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

08th July 2024 16:14:11 Hours

ඉංජිනේරු සේවා බළකා කර්නල් සේනාවිධායක 14 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කඳවුරු සංචාරයක නිරත විය.

යුද්ධ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි 04 වන දින බත්තරමුල්ලේ පිහිටි 14 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත කඳවුරු සංචාරයක නිරත විය. අණදෙන නිලධාරි, ලුතිනන් කර්නල් ඩබ්ලිව් යූ එස් කරුණාරත්න ඉසේබ විසින් කර්නල් සේනාවිධායක පැමිණීමත් සමඟ උණුසුම් පිළිගැනීමක් සිදු කරන ලද අතර, පසුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

න්‍යාය පත්‍රයට අනුකූලව, ශ්‍රී ලංකා යුධ හමුදාවේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සහය දැක්වීමේදී එහි වැදගත් කාර්යභාරය හුවා දක්වමින් අණදෙන නිළධාරී විසින් එම ඒකකයේ කාර්යයන්, වගකීම් සහ මෑතකාලීන ජයග්‍රහණ පිළිබඳව කර්නල් සේනාවිධායකවරයා දැනුවත් කරන ලදී.

ඉන්පසු මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා විසින් පැළයක් රෝපණය කරන ලද අතර එය රෙජිමේන්තුව පාරිසරික වගකීම සහ අනාගත සාර්ථකත්වය සඳහා වන කැපවීම සංකේතවත් කළේය. අනතුරුව එම සංචාරය සිහිකරමින් එකමුතුකම සහ අරමුණු බෙදා හදා ගනිමින් කර්නල් සේනාවිධායක සමග නිලධාරීන්ගේ සමූහ ඡායාරූපයක් ද ගන්නා ලදී.

ඉන්පසු කර්නල් සේනාවිධායක විසින් භට පිරිස් අමතමින්, ඔවුන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය අගය කළ අතර, සෙබළුන්ගේ හමුදාමය සහ පුද්ගලික විනය සහ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට, ඉංජිනේරු සේවා බලකායට සහ සමස්ත යුද හමුදාවට ඇති බලපෑම පිළිබඳව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. අවසාන වශයෙන්, ඔහු සමාජ මාධ්‍ය නිවැරදිව භාවිතා කිරීම, වර්තමාන මූල්‍ය අර්බුදය, තත්ත්‍ව පිළිබඳ දැනුවත්භාවය සහ ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග පිළිබඳව රැස්වීමට උපදෙස් දුන්නේය.

ඉන්පසු කර්නල් සේනාවිධායකවරයා කොනොනි සමාජ ශාලාවෙහි සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහයට කැටුව යන ලද අතර එහිදී කර්නල් සේනාවිධායක සමඟ සියලු නිලයන් සුහද පිළිසඳරක යෙදීමට හැකි විය.

කර්නල් සේනාවිධායක විසින් කඳවුරු පරිශ්‍රය පරීක්ෂා කළ අතර, සෙබළුන්ට පවතින සුබසාධන පහසුකම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ප්‍රගතිශීලී දියුණුව සඳහා මගපෙන්වීම් ලබා දෙන ලදී.

මෙම සංචාරය සහ රෙජිමේන්තු ඉතිහාසය ශක්තිමත් කරන සම්ප්‍රදායක් ලෙස කර්නල් සේනාවිධායක පිටත්ව යාමට පෙර, ඔහු අමුත්තන්ගේ පොතෙහි ඔහුගේ පැසසුම් ලිවීය, මෙම වැදගත් සිදුවීම රෙජිමේන්තුවේ වෘත්තීයභාවය, කැපවීම සහ ශ්‍රී ලංකා හමුදාව තුළ ඇති වැදගත් කාර්යභාරය ඉස්මතු කරමින් ඒකකය තුළ ඇති බැඳීම් තවදුරටත් ශක්තිමත් කළේය.

මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ සහ විධායක අධිකාරි රෙමඉසේබ මෙම සංචාරයට එක් විය.