05th August 2024 11:16:21 Hours
වත්මන් කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ගෞරවනීය මගපෙන්වීම යටතේ, ඉංජිනේරු සේවා බලකායේ හිටපු කර්නල් සේනාවිධායකයින්ගේ හමුවක් බලකායේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ සේවය වෙනුවෙන් ගෞරව දැක්වීම සඳහා සංවිධානය කරන ලදී. මෙම උත්සවය අගෝස්තු 02 (සිකුරාදා) දින පනාගොඩ ඉංජිනේරු සේවා බළකා නිලධාරි නිවස්නයේදී පැවැත්විණි.
ප්‍රවේශය අසලදී, ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි, උදිතා පෙරේරා මැතිණිය සමඟ කර්නල් සේනාවිධායක විසින් සම්භාවනීය ආරාධිතයින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා විසින් පිළිගැනීමේ කථාව සභාව වෙත ඉදිරිපත් කරන ලදී. පෙර කටයුතු කල කර්නල් සේනාවිධායකයින් විසින් ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ අගය කිරීම, සේවය කරන අතරතුර සෑම කෙනෙකුම පෙන්නුම් කළ ඉතිහාසය සහ රාජකාරියට ඇති නොසැලෙන භක්තිය අවධාරණය කළ ඔහු බලකායේ ඉතිහාසය, එහි සංවර්ධනය සහ මෙම ශ්‍රේෂ්ඨ නායකයින් ඉතිරි කර ගිය කල්පවත්නා උරුමය දැඩි ලෙස අවධාරණය කළේය.
කර්නල් සේනාවිධායක විසින් හිටපු කර්නල් සේනාවිධායකයින් හට ඔවුන් විසින් බළකායට කරන ලද නොකැළැල් සේවය අගය කිරීමේ සංකේතයක් ලෙස සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. මෙම කෘතඥතාවයේ ත්‍යාග වසර ගණනාවක් පුරා බලකාය වෙනුවෙන් කළ නොසැලෙන කැපවීම පිළිබඳ ස්ථිර මතක් කිරීම් ලෙස ය.
මෙහිදී වත්මන් සහ හිටපු සේනාවිධායකයින් අතර සුහද සංවාදවල නියැලුණු අතර, අත්දැකීම්, දැනුම, ප්‍රඥාව සහ සිතුවිලි බෙදාගනිමින් ඔවුනොවුන් කතාබස් හි යෙදුණි.
හිටපු කර්නල් සේනාවිධායකයින් වන බ්‍රිගේඩියර් ආර් ඒකනායක යූඑස්පී, බ්‍රිගේඩියර් කේ ඩී ඒ පෙරේරා, මේජර් ජෙනරාල් එම්ආර් ඩබ්ලිව් ද සොයිසා යූඑස්පී පීඑස්සී, බ්‍රිගේඩියර් එල් එම් තෙන්නකෝන් ආර්එස්පී, මේජර් ජෙනරාල් එස් ඒ ජී සූරියආරච්චි යූඑස්පී, මේජර් ජෙනරාල් ඊ එම් එම් අඹන්පොල යූඑස්පී එල්එස්සී, මේජර් ජෙනරාල් එච් එල් එස් ගුණවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, මේජර් ජෙනරල් ආර් ගනේගොඩ පීඑස්සී, මේජර් ජෙනරාල් කේ එම් එස් කුමාර, මේජර් ජෙනරාල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ ඔවුන්ගේ ආදරණීය කලත්‍රයන් සහ මියගිය බ්‍රිගේඩියර් පී ඩී ඒ දළුවත්ත යූඑස්පී ගේ මැතිණිය උත්සවය සඳහා සමහභාගී විය.
අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා බ්‍රිගේඩියර් වයිකේඑස් රංගික පීඑස්සී පීටීඑස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී , බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඉසේබ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මෙම අවස්ථාවට එක් වූහ.
මෙම උත්සවය බළකායේ ඉතිහාසය තුළ සදාකාලික හැඟීමක් ඇති කළ කර්නල් සේනාවිධායකයින් හට උපහාරයක් විය. උත්සවයෙන් පසුව, ඉංජිනේරු සේවා බලකායේ කීර්තිමත් ඉතිහාසය සුරැකීමේ අභිමානය, කෘතඥතාව සහ අධිෂ්ඨානය පිළිබඳ නව හැඟීමක් ඇති විය.