Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

25th June 2024 14:27:52 Hours

ඉංජිනේරු සේවා බළකායේ කර්නල් සේනාවිධායක 1 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සංචාරය කරයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් අයි ඒ එන් බී පෙරේරා ආර්ඩබ්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සෙනසුරාදා (22) දින 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙත සංචාරය කරන ලදී. සපැමිණි කර්නල් සේනාවිධායක, අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අනතුරුව රෙජිමේන්තුවේ විනය ප්‍රදර්ශනය කරමින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

පසුව, අණදෙන නිළධාරියා විසින් කර්නල් සේනාවිධායක වෙත එම ඒකකයේ කර්තව්‍ය, වගකීම් සහ මෑතකාලීන ජයග්‍රහණ පිළිබඳව දැනුවත් කරන ලද අතර, හමුදාවට සහාය දැක්වීමේදී එහි වැදගත් කාර්යභාරය ඉස්මතු කරන ලදී. ඉන් අනතුරුව මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා විසින් පැළයක් රෝපණය කරනු ලැබුවේ පාරිසරික වගකීම සහ අනාගත සාර්ථකත්වය සඳහා රෙජිමේන්තුවේ කැපවීම සංකේතවත් කරමිනි.

ඉන්පසු, කඳවුරු පරිශ්‍රය වෙත ගොස්, රෙජිමේන්තුවේ හැකියාවන් පිළිබඳව සියුම් දැනුමක් ලබා ගත් අතර, අනතුරුව, එකමුතුකම සහ හවුල් අරමුණක් ඇතිකරමින්, සංචාරය සිහිපත් කිරීම සඳහා නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

පසුව කර්නල් සේනාවිධායක තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ අතර, එහිදී කර්නල් සේනාවිධායක සහ රෙජිමේන්තු නිලධාරීන් අතර බැඳීම ශක්තිමත් කළ අතර, අනතුරුව භට පිරිස් ඇමතීමෙන් පසු ඔවුන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය ඇගයීමට ලක් කරන ලදී.

ඔහු සිය සංචාරය අවසන් කළේ අමුත්තන්ගේ පොතට අත්සන් තැබීමෙනි, එය ඔහුගේ සංචාරය සහ රෙජිමේන්තු ඉතිහාසය සනිටුහන් කරන සම්ප්‍රදායකි. මෙම වැදගත් සිදුවීම රෙජිමේන්තුවේ වෘත්තීයභාවය, කැපවීම සහ ශ්‍රී ලංකා හමුදාව තුළ ඇති වැදගත් කාර්යභාරය ඉස්මතු කරමින් ඒකකය තුළ ඇති බැඳීම් තවදුරටත් ශක්තිමත් කළේය.

මෙම සංචාරය සඳහා, කර්නල් සේනාවිධායක සමග මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූඑස්පී ද සහභාගී වන ලදී.