Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

13th September 2021 14:57:19 Hours

ඉංජිනේරු සේවා බලකා 13 වන කර්නල් සේනාවිධායක ලෙස ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් රාජකාරි ආරම්භ කරන ලදී

ඉංජිනේරු සේවා බලකා 13 වන කර්නල් සේනාවිධායක ලෙස ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිෙග්ඩියර් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.09.11 වන දිනට යෙදුණු සුභ මොහොතින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී නව ධූරයෙහි රාජකාරි ආරම්භ කරන ලදි

රෙජිමේන්තු මධයස්ථානය වෙත පැමිණි ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිග්ඩියර් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, ඉසේබ මධ්යසස්ථාන සේනාවිධායක බ්‍රිෙග්ඩියර් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී ජ්යෙරෂ්ඨ නිලධාරි තුමන් විසින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් පසු තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි පියවර කෝදු පෙළපාලියකින් ඉසේබ රණවිරු ස්මාරකය වෙත පැමිණ පුෂ්පෝපහාර දැක්වීය.


ආගමික වතාවත් මධ්යියේ සුභ මොහොතින් රාජකාරි ආරම්භ කරන ලද නව කර්නල් සේනාවිධායක තුමන් පැමිණ සිටි නිලධාරින් සමග සමූහ ඡයාරූපයකට පෙනී සිටීමෙන් පසු මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්න පරිශ්‍රෙය්දි අඹ පැලයක් රෝපණය කරන ලදී.


අනතුරුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වී සියළු නිල භෝජනාගාරයේදී සියළු නිලයින් අමතා, පසුව ඉසේබ අණදෙන නිලධාරි සාකච්ඡුාවක් රෙජිමේන්තු මධ්‍යස්ථාන සාකච්ඡුා ශාලාවේදී පවත්වන ලදී.