Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

10th October 2023 14:09:05 Hours

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි 74 වන යුද්ධ හමුදා දිනය සැමරීම

සියළු නිලයින්ගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා ධජය එසවීම, යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම හා 74 වන යුද්ධ හමුදා දිනය නිමත්තෙන් යුද්ධ හමුදාධිපති තුමන් විසින් නිකුත් කරන ලද සුභ පැතුම් පණිවුඩය කියවීම රෙමඉසේබ පරිශ්‍රයේදී සිදුකරන ලදී. පසුව යුද්ධ හමුදාධිපති තුමන් වෙනුවෙන් ලබාදෙනු ලබන සම්මාන පෙළපාලිය යුද්ධ හමුදා මුහුණු පොත හරහා සියළු නිල භෝජනාගාරයේදී සියළු නිලයන්ට නැරඹීමට සලස්වන ලදී.

අනතුරුව 74 වන යුද්ධ හමුදා දිනය සිහිකරනු වස් නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්එස්ඩී පෙරේරා යූඑස්පී පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රෙමඉසේබ පරිශ්‍රයේදී අඹ පැලයක් රෝපණය කරන ලදී.