Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

07th January 2023 14:17:12 Hours

ඉංජිනේරු සේවා බලකා රණවිරු අනුස්මරණ උත්සවය

ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව වාර්ෂික රණවිරු අනුස්මරණ උත්සවය 2023 ජනවාරි 06 වැනි දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව ඉසේබ රණවිරු ස්මාරකය වෙත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පුෂ්පෝපහාර පුද කර මිය ගිය රණවිරුවන් සිහිකරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉසේබ කර්නල් සේනාවිධායක හා අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා බ්‍රිගේඩියර් කේඑම්එස් කුමාර සහභාගී වූ අතර, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරිණියන් සහ නිලධාරින් බලකා සැරයන් මේජර් ඇතුළු රෙජිමේන්තු සැරයන් මේජර් වරුන් මෙම උත්සව අවස්ථාව සදහා සහභාගී විය.