Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

30th October 2023 23:36:14 Hours

ඉංජිනේරු සේවා බලකාය විසින් පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේ ‘වප් පොහොය දින’ ආගමික කටයුතු පවත්වයි

ඉංජිනේරු සේවා බළකාය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සමඟ එක්ව 2023 ඔක්තෝම්බර් 28 වන දින යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ මඟපෙන්වීම යටතේ පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාම විහාරස්ථානයේ 'වප් පොහෝ දින' ආගමික කටයුතු සඳහා උදෑසන සිල් සමාදන්ව ආගමික කටයුතු ආරම්භ කරන ලද අතර ඉන් අනතුරුව ධර්මදේශනාව සහ මුළු දවසම ආවරණය වන පරිදි දානමය සිදුකරන ලදී.

බෞද්ධ සැදැහැවතුන් 750කට අධික පිරිසකට උදෑසන සහ දහවල් දානය පිළියෙළ කර පූජා කරන ලදී. ඉංජ‌ිනේරු සේවා බලකාය සහ යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව හි සියලුම බලඇණි නියෝජනය කරන නිලධාරීන් සහ සෙසු නිලයින් උත්සවය අවස්ථාව සාර්ථක කර ගැනීම සදහා දායක විය.