Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

09th July 2024 14:45:00 Hours

ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාව 2024 වර්ෂය සඳහා වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම 2024 ජූලි 06 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙය ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි උදිතා පෙරේරා මැතිණියගේ ගෞරවනීය මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ පැවැත්විණි.

න්‍යාය පත්‍රයට අනුකූලව, ඉසේබ සේවා වනිතා හාඛාවෙ හි ගරු ලේකම් ජයනි විරසිංහ මැතිණිය විසින් පෙර රැස්වීමේ වාර්තාව කියවා අනතුරුව අයවැය වාර්තාව ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව, සේවා වනිතා ශාඛාව මඟින් වසරක් තුළ සිදු කරන ලද සුබසාධන කටයුතු පිළිබඳ දැකගත හැකි වූ අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැඩසටහන් පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

‘Personal Grooming‘ යන මාතෘකාව යටතේ ‘British Cosmetics PVT Ltd‘ හි කාර්ය මණ්ඩලයක් විසින් පවත්වන ලද වැඩමුළුව සන්ධ්‍යාවට අලංකාරයක් එක් කළේය.

ඉසේබ සේවා වනිතා ශාඛාවෙහි සභාපතිණිය ඇතුළු සියලුම දෙනා විසින් සමූහ ඡායාරූපය පෙනී සිටිමින් උත්සව කටයුතු අවසන් කරන ලදී.