Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

10th October 2023 16:35:02 Hours

අණදෙන නිලධාරි 1 ඉසේරෙ ලුතිනන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ යුද්ධ හමුදාධිපති තුමන් අතින් ප්‍රසංශාත්මක ලාංඡනයක් ලබා ගනී.

නවතමයෙන් ඉදිකරන ලද සියලු පහසුකම් සහිත යුද්ධ හමුදා මූලස්ථාන සිව් මහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය මෙන්ම ඉංජිනේරු සේවා බලකාය විසින් දීර්ඝ කාලයක් සිට අපේක්ෂාවෙන් සිටි ස්ථානයෙහි 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව නවතමයෙන් ස්ථානගත කිරීමටත්, 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් දරන ලද සාර්ථකත්වයට පත් උත්සාහය අගය කිරීම වෙනුවෙන් සහ අණදෙන නිලධාරියෙකු වශයෙන් 1 ඉසේරෙ වෙත පැවරෙන ඉංජිනේරු සේවාවන් අඩුපාඩු/ අතපසුවීමකින් තොරව උසස් මූලස්ථාන හා රාජ්‍ය ආයතන සමග සම්බන්ධතාවයෙන් යුතුව මනා ලෙස සම්බන්ධීකරණය කර ගනිමින් ඉටු කිරීමේ හැකියාව ද මැනවින් පෙන්වීම මෙන්ම වෙසක් උත්සවය, රාජ්‍ය හා රාජ්‍ය නොවන අනෙකුත් උත්සව අවස්ථා මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානය/ ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ පැවරෙන ලද රාජකාරීන් ඉතා සතුටුදායක අයුරින්ම නිම කිරීමේ ලා දක්වනු ලබන විශිෂ්ඨ හැකියාව සහ උනන්දුව හේතුවෙන් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත 74 වන යුද්ධ හමුදා දිනයේදී යුද්ධ හමුදාධිපති තුමන් විසින් ලුතිනන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ප්‍රසංශාත්මක ලාංඡනයක් පලදවන ලදී.