Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

ගෞරව සම්මාන

මාතෘ භූමිය රැකුමෙන් ඔවුන් ලැබූ අභිමන්

වසර දහස් ගණනක පෞඪ වූත් අභිමාවත් වුත් ඉතිහාසයකට උරුමකම් කියන
ශ්‍රී ලාංකිකයන් වන අපගේ ආදීතම මුතුන් මිත්තන් විසින් සිකළා වු
වීර වික්‍රමයන්ට එදා ද රාජ රාජ්‍යයන්ගෙන් හිමි වුයේ අප්‍රමාණ වු ගෞරවාභිමානයකි.
එවන් වීර මුතුන් මිත්තන්ගේ වීර වික්‍රමාන්විතයන් නොවන්නට
මෙවන් වීර රටක් බිහි නොවන්නට ඉඩ තිබුණි.
අභිමානයෙන් ඔදතෙද ගැනු වූ වීරත්වය වෙනයම් කිසිවකින් හෝ ලබාගත හැක්කක් නොව
එය වීරත්වයෙන්ම ලබාගත යුත්තක් බව
සිංහ ස්‍යෛාවෙන්ම ලොවම පසක් කරදී ඇත්තේය....
තුන් හෙළේ කැලෑ තුල රණගොස පැතිර වු
සිංහ විරුවන් පෑ යෝධ ශක්තියේ ප්‍රථිඵලයක් ලෙසින්
ජාතියට නිදහස ගෙන ආ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අතිගරු ජනාධිපති උතුමාණන් විසින්
මහත් අභිමානයෙන් තම සෙන්පතියන් මෙන්ම රණ විරුවන් හට ද
පිරිනැමුවා වු වික්‍රම පදක්කම් ලැබු
සිංහ පවුලේ සාමාජිකියින්.......

පරම වීර විභුෂණ පදක්කම

ස්වකීය ජීවිතයටද, ආත්මාරක්ෂාවට ද සිදුවිය හැකි උපද්‍රව ගැන නොතකා සිය සගයන්ගේ ජිවිතාරක්ෂාව නොහොත් සිය බලකායේ කාර්යය අරමුණ මුදුන්පත් කර ගැනීම උදෙසා සක්‍රීය සේවා කාලය තළදී ස්වේච්ඡාවෙන්ම සතුරාට මුහුණුපාමින් වික්‍රමාන්විත වුද, අභිතභාවය ප්‍රදර්ශණය කරන්නා වු ද, ක්‍රියාවන්හි පෞද්ගලිකවම යොදුනාවුද, වර්ෂ 1981 ක් වු සැප්තැම්බර් මස 01 වන දින අංක 156/5 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජිවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි පරම වීර විභුෂණය පරිනැමීම පිළිබද රෙගුලාසීන්හි නිර්ණය කොට දැක්වෙන නියමන් හා කොන්දේශී අනුව යොග්‍යයෙහි යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හෝ ගුවන් හමුදාධිපති විසින් නිර්දේශ කර ලබන්නාවූද, ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදි ජනරජයේ යුද්ධ නාවික සහ ගුවන් හමුදාවන්හි ස්ථිර හා ස්වේච්ඡා බලසේනාවල නියුක්ත සැම තරාතාරමකටම අයත් සියලුම පද්ගලයන්ට මෙම පලදනාව ප්‍රදානය කළ යුත්තේය

නි/3113 කපිතන් එස්ඩබ්එම්එස්යු අලදෙණිය පරම වීර විභූෂණයෙන් සම්මාණ ලබයි

ඊලාම් රාජ්‍යයක් සදහා රට දෙකඩ කර ගැනීමේ පටු චේතනාවෙන් සටන්වැද සිටි කුරිරු ත්‍රස්තවාදී භිෂණයෙන් මාතෘ භූමිය බේරා ගැනීම සදහා අරඹන ලද මෙහෙයුම් රාජකාරියේ යෙදී සියදී 1990.07.11 දින කොකාවිල් කදවුරේදී ජිවිතය පූජා කළ විරුවෙකි.

වර්ෂ 1963.05.01 දින ‍ෙඑතිහාසික සෙන්කඩගල පුරවරයේ ලේවැල්ල ග්‍රාමයේ අංක 109/01 දරන ලිපිනයෙහි පදිංචිව සිටි සීඑස් අලදෙනිය මහතාගේ සහ එම මැතිණියගේ දෙටුපුත් ළුශයෙන් මෙලොව එළිය දුටු එස්යු අලදෙනිය ළමා විය පසුකර මහනුවර ත්‍රිත්ව විදුහලෙන් උසස් අධ්‍යාපනය මදාරා නිමවුවාත් සමගම මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමේ පරිම පවිත්‍ර චේතනාව මුල් කරගෙන 1989.04.29 වන දින ශ්‍රි ලංකා යුධ හමුදා ස්වේච්ඡා බළසේනාවට බදී කෙඩෙට් නිලධාරි පුහුණුව සාර්ථකව හදාරා නිමවීමෙන් අනතුරුව 3 වන ස්වේච්ඡා බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ඇතුලත් විය.

එතැන් පටන් 3 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව උතුරු/නැගෙනහිර මෙහෙයුම් හි නිරත විය. ඒ උද්යෝගීමත් ක්‍රියාශීලි නිහතමානි ගතිගුණවලින් හෙබි විනය ගරුක ආදර්ශමත් වීරෝධාර නිලධාරියෙකු ලෙසින්ය.

කපිතන් එස්යු අලදෙණිය (මියගිය) වෙත පිරිනමන ලද පරමවීර විභූෂණ සම්මාණය එවකට අතිගරු ජනාධිපති ඩීබී විජේතුංග මැතිතුමා විසින් එම නිලධාරිගේ බිරිද වෙත පිරිනමන අවස්ථාව

මෙම නිලධාරි සිටි කොකාවිල් යුධ හමුදා කදවුර වෙත ත්‍රස්තවාදීන් නොකඩවා ප්‍රහාර එල්ල කරමින් සිටි මොහොතේ මෙම තරුණ ලුතිතන් වරයා යටතේ සිටි සියළුම සෙසුනිළයින් ඔහු සමග උරෙන්උර ගැටී රුදුරු ත්‍රස්ථවාදීන්ට එරෙහිව කටන් කරන ලදි. සටන් කරමින් සිටින මෙම කදවුර තුල සිටි සුළු භටපිරිසකට සහය දැක්වීම සදහා වෙනත් භටපිරිසක් ගුවනින් හෝ ගොඩබිමින් ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබුණි.

දින ගනනක් කදවුර වට කොට සිටි ත්‍රස්ථාවදීන්ගෙන් නොකඩවා එල්ලවු ප්‍රහාර හමුවේ වීරෝධාර සෙන්පතියාට ගත හැකි ක්‍රියාමාර්ගය වුයේ තම හමුදා ජීවිතයේදී ලබන ලද පුහුණුවත්, සිතේ එඩියත් පෙරටු කරගෙන කදවුරේ ගබඩාකර ගෙන තිබු සියලුම පුපුරන ද්‍රව්‍ය හා වෙනත් දෑ රුදුරු ත්‍රස්ථවාදීන්ට විනාශකිරීමට ඉඩ නොතබා තමා විසින්ම විනාශ කර දැමීය. ඒ තමා සමග ය. නමුත් ඉහලින් ලුබුනු නියෝගය වුයේ කදවුර අතහැර පලා යන ලෙසය. ඔහුට එය කළ නොහැකි විය. ඒ එසේ කළහොත් සතුරා අතට පත් වන අපගේ අවි ආයුධ වලින්ම නුදුරේ වෙනත් කදවුරක හෝ කම සහෝදර හමුදා සෙබළුන් ජිවිතක්ෂයට පත්වන බැවිනි. ජීවිතයට සිදුවිය හැකි හානිය නොතකා හමුදාවේ ආරක්ෂාව පති ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සිදුකලා වු ජීවිත පරිත්‍යාගය වෙනුවෙන් අතිගරු ජනාධිපති විසින් වීරත්වයේ උසස්ම සම්මානය වන පරම වීර විභූෂණය මෙම වීර සෙන්පතියා වු 3 වන ස්වේච්ඡා බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතන් සමරකෝන් මුදියන්සේලාගේ සාලිය උපුල් අලදෙණිය හට පරිනමන ලදි.

අතිගරු ජනාධිපති විසින් කපිතන් එස්යු අලදෙනිය පීඩබ්වී සිහිවීම වස් ඉදිකරන ලද ස්මාරකය විවෘත කරන අවස්ථාව

කපිතන් එස්යු අලදෙනිය පීඩබ්වී සෙන්පති සිහිවීම පිණිස කොකාවිල් කදවුර අභියස ඉදිකර ඇති ස්මාරකය